id
stringlengths 36
36
| context
stringlengths 267
2.55k
| question
stringlengths 13
446
| answers
dict |
---|---|---|---|
35ae7889-1065-4a96-9b1b-c4372a0d5517 | එසේ නම් බෞද්ධ ජනවහරේ එන ශ්‍රීපාද මළුවට සුරංගනාවියන්ගේ මග පෙන්වීමෙන් කොටා ගිය ගමන් මගේම මේ රජවරු ගියේ ද යන ගැටලුව මතුවෙයි. ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමු වැනි විජයබාහු රජ සිරිපා කරුණා කරන්නට යද්දී ගිලීමලේ සෙල්ලිපිය කරවූ බව සඳහන් වෙයි. එසේනම් රජුගේ ගමන් මාර්ගය සුරංගනාවියන් මල් නෙළාගෙන ගිය ගමන් මග විය නොහැක. එය සිරිපා කරුණා කරන ඉපැරණි රත්නපුර මාර්ගය හෙවත් ශ්‍රී පලාබද්දල මාර්ගය විය යුතුය. ශ්‍රී සංඝබෝධි විජයබාහු හෙවත් පළමුවැනි විජයබාහු රජ සිරිපා කරුණාකර ආපසු යද්දී අඹගමුව සෙල් ලිපිය කළ බව ඉතිහාසයේ දැක්වෙයි. එසේනම් රජු ආපසු ගොස් ඇත්තේ හැටන් පැත්තෙනි. | පළමු වැනි විජයබාහු රජ අඹගමුව සෙල් ලිපිය කරවූයේ කිනම් අවස්ථාවේද? | {
"answer_start": [
441
],
"text": [
"සිරිපා කරුණාකර ආපසු යද්දී"
]
} |
aa6c84ed-51f2-438d-a096-e38cd8802305 | මෙතෙක් කිසිම ජනමාධ්‍යයකින් හෙළි නොකළ අප හිතවත් හල්පේ නන්දසිරි හිමියන් රහසක් සේ තබාගත් මේ කතාව. ප්‍රථම වරට ඉරිදා ලංකාදීපයට පැවසුවේ මගේ පෙරැත්ත කිරීම නිසාමය. මා ඊට ඇලුම් කළේ ත්‍රාසය, භීතිය මෙන්ම ගුප්ත යන්ත්‍ර මන්ත්‍ර, තන්ත්ර වැනි ශාස්ත්‍රයන්හි ඇති විස්මිත බලය මේ කතාවේ අන්තර්ගතව ඇති නිසාමය. කුඹල්වෙල- හල්පේ නන්දසිරි හිමියන් පැවිදි වූයේ 1958 ජනවාරි 3 වනදාය. ඒ වයස අවුරුදු 9 දීය. ඉගෙනුම ලැබුවේ බලන්ගොඩ පිරිවෙණකය. පිරිවෙන් අධ්‍යාපනය ලබන අතරතුර ජ්‍යෝතිෂ්‍යය පමණක් නොව යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්ර ගුරුකම් යනාදිය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදී ගියේය. කලක් ගාල්ලේද කලක් අම්පාරේ විහාරස්ථානවලද වැඩ වසමින් නන්දසිරි හිමියෝ මේ ගුප්ත ශාස්ත්‍රයන් පිළිබඳව ගවේෂණාත්මක අධ්‍යයනයක යෙදුණාහ. | ප්‍රථම වරට එම පුවත ඉදිරිපත් කලේ කුමන පුවත්පතටද | {
"answer_start": [
106
],
"text": [
"ඉරිදා ලංකාදීපයට"
]
} |
64812385-6ed7-47b0-aadc-79e11dd959b8 | කලක් තිස්සේ ලංකාව පුරා තාප්ප බිත්ති විචිත්‍රවත් ලෙස සැරසූ, තවත් විටෙක වෘත්තිය අරගලවල සටන්කාමි සටන් පාඨ අරගල මුවහත් කෙරුණු, තවත් විටෙක නාට්‍ය චිත්‍රපට ආදි සෞන්දර්යාත්මක ප්රකාශනයන් ප්‍රදර්ශනය කෙරුණු පෝස්ටර් කලාව අද වෙන විට විවිධ අභියෝගයන්ට මුහුණදෙමින් සිටින බව පෝස්ටරය සිය ප්රචාරක මෙවලමක් කරගත් බොහෝ දෙනා පවසති. පෝස්ටරය නාට්‍ය කලාවට, චිත්‍රපට කර්මාන්තයට, වෘත්තිය සමිති ක්ෂේත්රයට, සමාගම් ප්‍රවර්ධනයට, මාධ්‍ය කලාවට, ටියුෂන් ව්‍යාපාරයට පමණක් නොව ශිෂ්‍ය ව්‍යාපාර, දේශපාලන ව්‍යාපාර මේ ආදී සෑම ක්ෂේත්රයක් පුරාම සන්නිවේදන මාධ්‍යයක් ලෙස භාවිත කෙරුණ ද අද වෙන විට එය ටිකෙන් ටික ඉන් ඈත්වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති. | පෝස්ටර් කලාව මඟින් ප්‍රදර්ශනය කෙරුණු දේවල් මොනවද? | {
"answer_start": [
70
],
"text": [
"වෘත්තිය අරගලවල සටන්කාමි සටන් පාඨ"
]
} |
7c4e333b-6f61-4fe0-8426-1d3feb6fa484 | මුලින්ම අපිට අදහස් පළ කළේ ගාමිණි ඇටම්පාවල මහතායි. ඒ මහතා විසින් මා ඔය සම්බන්ධ බොහෝ දෙනෙකු අසා නැති විස්තර අපට කීවේ මෙලෙසිනි. ඇසළ මහා පෙරහර ඉතා උත්කර්ශවත් අන්දමට පෙර රජ දවස පටන් අද දක්වාම පවත්වාගෙන යනු ලබන උතුම් කටයුත්තක්. සතර කෝරළයට ආදාළ වන පෙරහර සම්බන්ධව පෙර රජ දවස විශාල වගකීමකින් එම පෙරහර පවත්වා ඇති බව ජනප්රවාදයේ තාමත් පවතී. පෙරහරේ විවිධ කාර්යයන් ගමේ විවිධ පිරිස්වලට බෙදා දෙමින් සිදු කිරීම ද අතීතයේ සිට පැවත එන්නකි. එමෙන්ම මෙහි ඇති තවත් සුවිශේෂී දෙයක් වන්නේ මැදිලිය හා සැලව රජමහා විහාරවල පැවැති පෙරහරවල්වලින් මා ඔය සම්බන්ධකොට ගෙන පුරාණයේ සිට මැදිලිය රජමහා විහාරයේ පෙරහර පවත්වා තිබීමයි. | මා ඔය සම්බන්ධකොට ගෙන පුරාණයේ සිට පෙරහර පවත්වා තිබෙන්නේ කුමන විහාරයේද? | {
"answer_start": [
547
],
"text": [
"මැදිලිය රජමහා විහාරයේ"
]
} |
1cb0b515-5573-4e1a-a173-c90319edd21b | දෙවඟන එක් අතකින් අංකුසයක් දරා සිටියි. අනෙක් අතින් දක්ෂිණාවෘත වාලම්පුරියක් දරා සිටියි. අංකුසය යනු ත්‍රීශූලය වැනි ආයුධයකි. එය සමාන වනුයේ ඉන්ද්‍ර දෙවියන් අත ඇති වජ්රායුධයටයි. මුහුදේදී අනතුරකට පිහිටවීම එම ආයුධයෙන් කළ හැකියි. දෙවඟන අත රැඳි අනෙක් ආයුධය වනුයේ දක්ෂිණාවෘත වාලම්පුරියයි. එය සංඛයක් වෙයි. එම සංකේතය දුර්ලභයි. විෂ්ණු දෙවියන් අත දරනුයේ එයයි. ශරීරය වසා ඇති සළුපට අත දරයි. වජ්ර මුද්‍රාව කියනුයේ මනුෂ්‍යයන්ට ආශිර්වාද කරනවා යන්නයි. මණිමේඛලා දෙවඟනගේ මෑණියන් වනුයේ මාධවී යි. මාධවී ගැබ් ගනුයේ නෘත්‍ය රැජනක්ව සිටියදීයි. මණිමේඛලා පිළිසිඳ ගනු ලැබුවේ දැඩි කුණාටු අධික වර්ෂා සහිත දිනයකයි. ජල දහරා ගලා යනු ලැබුවේ රැලි ගසමිනුයි. මණිමේඛලා දෙවඟන ජලයට මුහුදට අධිපතිකම් කිරීම මෙයින්ද අර්ථ ගැන්වෙයි. දෙවොල් පුදබිම භක්තියෙන් හැමවිට පිරී තිබෙනුයේ භක්තියෙනුයි. දෙවොලට පැමිණ දෙවිඳු නමැද විවාසයේ කිමිදිය හැකිනම් මණිමේඛලා දෙවඟන වෙතට ළඟාවිය හැකියි. ළඟා වී දෙවඟන වෙත සිත තුළ පවතින දුක, වේදනාව, ළතවිල්ල, වැලපිල්ල, හැඬීම දෙවඟනට ලබාදෙන්න. පැතූ ප්‍රාර්ථනා, ඉල්ලූ පිහිට කාල නියමයන්ට යටත්ව ලැබෙනු ඇත. ඒ දින හත, දින විසි එක, දින දහහතර, දින විසි එක, දින අනූව එම කාල නියමයන් වෙයි. මනුෂ්‍ය ජීවිතය රෝසමල් යහනාවක් නොවෙයි. එය අභියෝගවලින් පිරී තිබේ. සතුට, සැනසුම පරදන දුක, කඳුළ එහි පිරී ඇත. සතුට සහ දුක සදහටම එහි නොපවතියි. සැමවිටකම දුක සැප සමබරව පවතිනු ඇත. | අංකුසය යනු කුමක්ද ? | {
"answer_start": [
97
],
"text": [
"ත්‍රීශූලය වැනි ආයුධයකි"
]
} |
e29f5105-6c9e-4ca8-884e-767067fce710 | මෙමඟින් මහා අධිකාරම් ධුරයට පත් කරන්නට තරම් දැඩි විශ්වාසයක් රජු තුළ පැවැති බව පෙනේ. දෙදෙනා අතර මෙම විශ්වාසය කෙරෙහි ඇතැම් උඩරට රදලවරුන් අතර පැවැතියේ අමනාපයෙකි. එසේම උඩරට සිංහාසනය නායක්කාරවරුන් සතුව පැවැතීම ගැන පිළිමතලව්වේ ඇතුළු රදලවරු කලක් සිට නොකැමැත්තෙන් පසු වූහ. ඇහැලේපොළ අදිකාරම් තුමාගේ අධිෂ්ඨානය වූයේ යළිත් උඩරට සිහසුන දේශීය සිංහලයන් අතට පමුණුවා ගැනීමේ ජාතිහිතෙෂි සංකල්පයයි. ඇහැලේපොළ අධිකාරම්තුමාගේ දෙවෙනි අධිකාරම් වශයෙන් උනම්බුව දිසාව පත් වූ අතර ක්‍රි.ව 1812 දී ඔහු මිය යෑමෙන් පසුව අහැලේපොළ අධිකාරම්තුමාගේ පරම හතුරෙකු වූ සත් කෝරළේ දිසාපති ධුරය හෙබ වූ මොල්ලිගොඩ දිසාව එම තනතුරට පත් කෙරිණ. | උනම්බුව දිසාව යනු ඇහැලේපොළ අධිකාරම්තුමාගේ කව්ද? | {
"answer_start": [
402
],
"text": [
"දෙවෙනි අධිකාරම්"
]
} |
673865fc-ad72-4771-a65c-b24062c0ec85 | මධුෂ් ඔසවා තබන්නේ මාධ්‍ය විසින් බවට ඇතැම්හු චෝදනා කරති. එහෙත් සැබවින්ම මධුෂ්ලා තනන්නේ කවුද? ඔවුන්ට රැකවරණය දෙන්නේ කවුද යන්න විමසා බැලීම වටින්නේය. මධුෂ් දැන් භාවිත කරමින් සිටින්නේ තමන්ට සමාජයෙන් හදා දුන් නමය. මුළුමහත් සමාජයක් විසින් දැවැන්තයෙක් ලෙස හදා දුන් පාතාලයේ නමය. ඒ නම භාවිත කරමින් ඔහු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් සිටී. මාකඳුරේ මධුෂ් යනු මංකොල්ල කෑම, කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිය ජීවන වෘත්තිය කරගත් අයෙකි. ඒ සඳහා ඔහුට උදව් කළ දේශපාලනඥයින් කීප දෙනෙක්ද වේ. මේ අතර කලකට පෙර එක් පක්ෂයක් නියෝජනය කළද අද වෙනවිට රටේ ප්‍රධානතම පක්ෂ දෙක නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙක්ද වේ. මධුෂ්ට රටින් පැන ගැනීමට මේ දේශපාලනඥයින් උදව් කර ඇති බවටද තොරතුරු තිබේ. එසේම මධුෂ්ගේ මුදල්වලින් ඔවුන් මැතිවරණ කාලයන්හිදී ප්රචාරක වියදම් දැරූ බවටද මාතර ජනතාව අතර මතයක් පවතී. | මැතිවරණ කාලයදී ප්රචාරක වියදම් දැරුවේ කාගේ මුදල් වලින්ද ? | {
"answer_start": [
703
],
"text": [
"මධුෂ්ගේ මුදල්වලින්"
]
} |
48afa46d-5606-4350-8ef0-17824def20cd | බ්ලූමැන්ඩල් සංඛ හා දෙමටගොඩ චමින්ද මේ දෙන්නා තම තමන්ගේ කල්ලිවලට එකතු කරගැනීමට වෑයම් දැරූහ. ඒ උත්සාහයේ ප්‍රතිඵල ලෙස චූටි උක්කුං බ්ලූමැන්ඩල් සංඛගේ පිලටත්, කුඩු සුමිත් දෙමටගොඩ චමින්දගේ පිලටත් එක් වූහ. මරාගැනිල්ල වඩාත් වැඩියෙන් සිදු වූයේ ඉන් අනතුරුවය. සංඛගේ හා චමින්දගේ ගැටුමට හැමවිටම මේ දෙන්නාට ද සම්බන්ධ වීමට සිදුවීම නිසා එය මෝදර මට්ටක්කුලිය දක්වා මොවුන් හරහා පැමිණියේය. කුඩු සුමිත්ගේ නායකයා දෙමටගොඩ චමින්දය. චූටි උක්කුංගේ කල්ලියේ නායකයා වූයේ බ්ලූමැන්ඩල් සංඛය. සත්‍ය ලෙස සුමිත් හා චූටි උක්කුං සිටියේ එකටය. එකල මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ කුඩු පාතාලයට නායකත්වය දුන්නේ සුමිත්ය. එහෙත් කලක් එකට වැඩ කරද්දී සුමිත් අභිබවා තමන්ගේ බලය හදාගන්නට චුටි උක්කුං උත්සාහ කළේය. | කුඩු සුමිත්ගේ නායකයා කවුද? | {
"answer_start": [
389
],
"text": [
"දෙමටගොඩ චමින්දය"
]
} |
d635df02-8c91-495f-89bf-f1e5152dce88 | ලියුම්කරු පරසුද්දායයි හඳුන්වනු ලබන රොබට් චාමස් ආණ්ඩුකාරවරයා මෙරට පාලනය කර ඇත්තේ 1913 - 1916 කාලය තුළය. එනම් මෙම සිදුවීම සිදුවන්නේ ඉන් අවුරුදු පහකට පමණ පසුවය. එනම් ඒ වනවිට ඔහු රට හැර ගොසිනි. ලියුම්කරු පවසන මෙම සිදුවීම සිදුවන්නේ 1921.05.12 වැනි වෙසක් පොහොය දිනයේය. ඔහුට මෙකී සිදුවීම ගැන පවසන්නේ එම සිදුවීම සියැසින් දුටු මොරගොල්ලේ රංඑතනා නම් ඔහුගේ මිත්තණියයි. එවිට ඇය අවුරුදු 6 ක් වයස දැරියකි. පුදුමය නම් වෙසක් පොහොය දිනක දෙනෝදාහක් පිරිස රැඳෙන දළදා මාලිගාව අසල මෙය සිදුවීමයි. ඉහත කී රංඑතනා මිත්තණිය හැර එහි සිටි කිසිවෙක් හෝ මෙම සිදුවීම දුටු බවට කිසිම තොරතුරක් මේ දක්වා කිසිවකුට දැන ගැනීමට නොමැති වීමය. මෙවැන්නක් සැබවින්ම සිදුවූවා නම් එය මෙරට පමණක් නොව එකල පැවැති ජනමාධ්‍ය වන පුවත්පත් මගින් ලොව පුරා ප්‍රචාරය වීමට පවා ඉඩ තිබුණි. | එම සිදුවීම දකින විට රංඑතනාගේ වයස කීයද ? | {
"answer_start": [
365
],
"text": [
"අවුරුදු 6"
]
} |
d6a1d260-1c2a-4cc8-8cc3-3dc20525d8fd | දැරිය හෙළි කරන පෙර භව තොරතුරු පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන්ගේ උපදෙස් පරිදි පෙරභව නිවසට ඇය කැඳවාගෙන යාමට ඇගේ මාපියෝ කැමැත්ත පළ කළහ. ඒ අනුව සුභාෂිණී දැරියට පෙරභව නිවස පිහිටා තිබූ පරිසරයට යාමට අවස්ථාව ලැබිණි. එදින ඇය නායගිය ප්‍රදේශය වෙත ගමන් කරන විට බියපත් වීමක් නොදැක්වීය. එහිදී ඇගේ පෙරභවයේ ඉතිරිව සිටි සොහොයුරා හඳුනා ගැනීමට ඇයට හැකි විය. මෙම දැරියගේ තොරතුරු විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත් වීය. පෙරභවයේ නිවස යටවීමෙන් මියගොස් සිටි එකම පවුලේ මව, පියා ඇතුළු දරුවන් අතර දියණියන් දෙදෙනෙක්ද මරුමුවට පත්වී සිරුරු හමුවිය. එයින් එක් දැරියක් වයස අවුරුදු හතක් පමණ විය. අවුරුදු එක හමාරක කුඩා දැරියක් ද ඒ අතර විය. ඇයට දේවි මල්ලිකා යනුවෙන් නම් තබා තිබිණි. ඇය පවුලේ පස්වන දියණිය වූවාය. | පෙරභව නිවසට කැඳවාගෙන ගියේ කාගේ උපදෙස් පරිදිද | {
"answer_start": [
38
],
"text": [
"මහාචාර්ය ස්ටීවන්සන්ගේ"
]
} |
cdaba910-6033-439d-b0d1-7c83b509e2b8 | මේ අතර කීර්තිගේ ඥාති සොහොයුරු බන්දුල රණසිංහ නුවරින් හේලියන්ස් නම් පුංචි බෑන්ඩ් එකක් පටන් ගත්තේය. කීර්ති එහි ගායකයෙකු විය. කොට කලිසමක් හැඳ වේදිකාවට පැමිණි ඔහු සනත් නන්දසිරිගේ මහද වීණා ගීතය ගැයීය. ඔහුට හොඳ ප්‍රතිචාරයක් ලැබිණ. ගීත හතරක් කීමට ඉල්ලීම් ආවේය. අත්පොළසන් මැද කීර්තිව කවුදෝ වේදිකාවෙන් බිමට බැස්සු අයුරු ඔහුට තවමත් මතකය. ගීත ගැයුවේ සල්ලි බලාගෙන නොව තම හැකියාව එළිදැක්වීමට බව කියන කීර්ති මධ්‍යම රාත්‍රියේ බස් නැති නිසා පයින්ම ගම්පොළට ගොස් ඇති බව කීවේය. ඇතැම් විට බස් එකක් තිබුණත් ටිකට් ගැනීමට සල්ලි ද තිබී නැත. | කීර්තිගේ ඥාති සොහොයුරු කවුද? | {
"answer_start": [
30
],
"text": [
"බන්දුල රණසිංහ"
]
} |
66ac107b-eeb1-49a0-ae30-7fcf6c071b98 | අපේ බොදු සාහිත්‍යය ශක්‍රයාට සුවිශේෂී තැනක් ලබාදී ඇති බවක් පෙනේ. මේ බලගතු දෙවියා නොමැති කතාන්තරයක් නැති තරම් ය. එතරම්ම ඔහු ජනප්‍රිය චරිතයකි. කුස ජාතකය, සස ජාතකය, ගුත්තිල ජාතකය සහ වෙස්සන්තර ජාතකය ආදී විශාල කෘතීන් ගණනකම රැඳී සිටින සක් දෙවිඳු ඉල්ලීස ජාතකයට අනුව මහ දන් පින් පවත්වා එක්රැස් කරගත්තාවූ පින් මහිමයෙන් සදෙව් ලොවටම අධිපති වූ බවක් කියැවේ. බිරියන් දහස් ගණනකගේ සැමියෙකු වුවද කිසිදා වියපත් නොවන දරු මුනුපුරන් නැති ඔහුගේ අග බිසව ඉන්ද්‍රාණි ය. ඇය ද කිසිදාක මහලු නොවන්නී ය. ශක්‍රයාට දික්පති, තදිව්පති, සුරපති, දසැස් ආදී පර්යාය නාමයෝ බොහෝය. ඔහුගේ අශ්ව රථයේ රියැදුරා මාතලී ය. ඔහුගේ සංගීතඥයා සදෙව් ලොවටම අග්‍රෙශ්වර පන්සිළු ය. සක් දෙවිඳුගේ ආසනය පාණ්ඩුකම්බල ශෛලාසනය ය. එය සම්පූර්ණයෙන්ම පාෂාණයෙන් නිමවා ඇති නිසා ශෛලාසනය වී තිබේ. එය එසේ වුවද මිහිපිට යම් පින්වන්තයෙකුට දුකක් කරදරයක් වේ නම් එය වෙඬරු මෙන් උණු වෙන්නට පටන් ගන්නේය. ඒ අනුව ඔහු දුකට පත් පුද්ගලයා සොයා මිහිකතට බසින්නේය. | ඔහුගේ සංගීතඥයා කව්ද? | {
"answer_start": [
611
],
"text": [
"පන්සිළු"
]
} |
8a548d40-d375-49ac-a9b4-5e0e030e6881 | මෙම උද්‍යානය ගොඩනැගීමේ දී උපදෙස් දී ඇත්තේ මහාචාර්ය පැට්රික් ගෙඩස් හා ක්ලිපර්ඩ් හොලිඩේ යන ප්‍රකට නගර නිර්මාණ ශිල්පීන් විසිනි. මෙම උද්‍යානය පිහිටු වීමට යටත් විජිත ලේකම්වරයාගෙන් අවසර ගෙන ඇත්තේ කොළඹ නගර සභාව විසිනි. මෙම භූමි භාගය හැඳින් වූ නම ලෙස ඇතැමුන් සර්ක්යුලර් නාමය පැහැදිලි කොට ඇති බව ඇතැම් ලේඛනවල සඳහන්ය. මෙම උද්‍යානයේ වූ කුඩා ලඳු කැලෑ එදා අබිසරු ලියන්නට සරු ආදායමක් ගෙන දෙන්නක් වී තිබිණ. මේ නිසා මුල් කාලයේ මේ උද්‍යානයට රාත්‍රී ජාමයේ පොලිසියෙන් නිතරම කඩා පැන ඇත. රාත්‍රී කාලයේ එකම දුරාචාර පුරයක් බවට මෙම භූමිය පත්ව තිබූ බව එකල පුවත්පත්වල පළ වූ ප්රවෘත්ති නිරීක්ෂණයේ දී පෙනී යයි. හොර සුරා අලෙවිකරුවන්ගේ තිප්පොළක් වී තිබූ මෙම භූමිය රාත්‍රියේ බජව් දැමීමට ද යොදා ගැනිණි. නගරවාසීන් විසින් එය තෝරා ගෙන තිබුණේ මෙහි තිබූ ගස් කොළන්වලින් ලැබූ ආශ්වාදය ගෝල්ෆේස් පිට්ටනියෙන් ලබා ගත නොහැකි වූ නිසාය. ඊටත් වඩා තනිකරම පිටියක් වූ ගෝල්ෆේස් පිට්ටනියේ සැඟවීමට තැනක් නොතිබුණත් මේ භූමියේ වූ ගහ කොළට මුවා වී ඕනෑම දුරාචාරයක් කිරීමට කාටත් හැකියාවක් තිබුණි. | උද්‍යානය හැදිමට අවසර දී ඇත්තේ කුමන නගර සභාවද | {
"answer_start": [
191
],
"text": [
"කොළඹ නගර සභාව"
]
} |
8fc148d5-06b4-4d7c-91bb-6dc6df59b3e1 | එදා හඳ පායපු දවසක්, මං අහල තිබුණෙ මේ මාළු සිංදු කියන්නෙ හඳ පායන දවසට කියලයි. ඉතින් එදා රෑ දහය විතර වෙනකම්ම අපි හිටියේ කල්ලඩි පාලම යට ටිකින් ටික රෑ වෙද්දි හුළඟ සීතල වෙනවා. සුළෙඟ් වේගයත් වැඩි වෙනවා. කළපුවෙ වතුර කල්ලඩි පාලමේ යකඩ කණුවල වදිනවා. එතකොට අමුතු සද්දයක් එනවා. මං බලන් හිටියා දැන් දැන් මාළු සිංදු කියයි කියලා. ඒත් නෑ. උන් හඳ එළියටවත් සිංදු කියන්නෙ නැත්තේ ඇයි කියන ප්රශ්නය ඔලූවෙ තියාගෙන මං එදා කල්ලඩි පාලම යටින් පාලම උඩට ආවා. හැබැයි කල්ලඩි පාලම යට සිංදු කියන මාළු ඉන්න බව සත්‍යයක්. මම දවසක්දා රේඩියෝ එකෙන් සිංදු කියන මාළුන්ගෙ සිංදු අහනවා. ඔය සිංදු පටිගත කරලා තිබුණේ සී.එස්. කුලතිලක ඔහුගේ ජන සංගීත පර්යේෂණ යටතෙයි. | රෑ දහය වෙනකම්ම හිටියේ කොහේද? | {
"answer_start": [
118
],
"text": [
"කල්ලඩි පාලම යට"
]
} |
080682c2-0f8f-4afc-b055-1e637dd2a006 | එම ලෙන් පසුකර දකුණු පසට මද දුරක් ගියවිට පිපුණු හත්තක හැඩය ගත් දර්ශනීය ලෙනක් හමුවේ. මෙහි රවුම් අඩි 101 කි. කටාරම් කොටන ලද එහි ලිපියක් පිහිටුවා තිබේ. මෙම ලෙන තුළ අංක 3 ලෙස සංකේත කොටා තිබේ. ලිපිය උසින් අඟල් 8 කි. මේ ලිපිය යටින් 4, 5 යන සංකේත කොටා ඇති බව මේධානන්ද හිමියෝ පෙන්වා දෙති. රාජා ලෙනට නැගෙනහිරින් තවත් අලංකාර ලෙනක් පිහිටා තිබේ. එය එතරම් විශාල නැකත් කටාරමට යටින් අංක 2 යන සංඛේතය සඳහන් කර ඇත. මෙවැනි ගල් ලෙන් 28 ක් කරඳහෙළ කඳුමුදුන තුළ දක්නට ඇතත් ඒ සියල්ලේ කටාරම් කොටා ඇතත් ලෙන් එකක්වත් අභිලේඛන පිහිටුවා නොමැති බව උන්වහන්සේ පවසති. | මෙවැනි ගල් ලෙන් කොපමණ ප්‍රමාණයක් කරඳහෙළ කඳුමුදුන තුළ දක්නට තිබේද? | {
"answer_start": [
412
],
"text": [
"28"
]
} |
3387dacc-18f1-4d5e-b026-f4a3693483f2 | එහෙත් අනෙක් අයට ගෙදර තිබුණ අවස්ථා කිසිවක් සිතුම්ට ලැබුණේ නැත. ඒ නිසා තරහෙන් සිටි ඔහු එතැනින් පලා ආවේය. ගමට පැමිණි ඔහු කලින්ටත් වඩා වැඩියෙන් කුඩු භාවිත කරන්නට විය. මේ වනවිට ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය තරුණිය ද ඔහු හැර ගොසිනි. ඒ ගැන ඔහුගේ සිතේ දැඩි තරහවක් තිබුණත් වැඩි අවධානය යොමු වුණේ ගෙදරට හොරා, අම්මාගේ හිත ද නොරිද්දා මත්කුඩු භාවිත කරන ආකාරය ගැනය. දැන් ඔහුට මුදල් ලැබෙන්නේ ද නැත. ඒ නිසා අනෙක් අයට කුඩු බෙදාහැරීම කර ලැබෙන කොමිස් මුදලෙන් කුඩු භාවිත කරන්නට ඔහුට සිදුවිය. එහෙත් දැන් ඔහු ගැන සෙවිල්ලෙන් සිටින පවුලේ උදවියගෙන් වැඩි කාලයක් මේ රහස සඟවාගෙන සිටිනු නොහැකි විය. | සිතුම්ගේ වැඩි අවධානය යොමු වුණේ කුමක් සදහාද? | {
"answer_start": [
331
],
"text": [
"මත්කුඩු භාවිත කරන ආකාරය ගැනය"
]
} |
c5cce301-9ff3-4d07-a1e7-07d4e44a2a21 | හිස ගිනිගත් හේ වෙල් යායන් වතුපිටි හැමතැන ඇවිද සොයා බැලුවද ගොන් බාන හමුවූයේ නැත. ඉක්බිති ලද හෝඩුවාවකට අනුව තවත් මිතුරකුත් සමඟ ඔහු අල්ලපු ගම්මානය දෙසට ගියේය. මැදියම් දහවල වන තුරුත් මඟතොට විමසමින් රස්තියාදු වූ නමුත් ප්‍රතිඵලයක් නොවූයෙන් වේදනාවටත් කෝපයටත් පත් ඔහු තම පවුලේ බඩවියත රැකදුන් ඒ අහිංසක සත්ත්වයන් සොරාගත් අයට ශාප කරමින් තවදුරටත් ඔබමොබ ඇවිදින්නට විය. මේ වනවිට හිතේ වේදනාව නිසාම ඔහු මත්පැන් පානය කර තිබුණු බවටද වාර්තා වෙයි. කෙසේ හෝ අතරමගදී ගම්මුන් සමඟ බහින් බස් වීමක් ඇති වී තිබේ. ගම්මාන දෙකක ජීවත් වුවද මානව නීතියෙන් පමණක් බෙදා වෙන් කරදුන් එකම කුඹුරු යායක් අස්වද්දා ජීවත් වූ මේ දෙගම් වැසියන් අතරෙහි එකිනෙකා හා දැන හැඳුනුම්කම් පැවැතියෝය. ඒ නිසාම වේදනාවෙන් කෑගසන සිවනාදන්ගේ හිත සනසා ඔහු ආපහු ගමට හරවා යවන්නට වැඩිහිටියන් කීපදෙනෙක් සමත් වූහ. | වෙල් යායන් වතුපිටි හැමතැන ඇවිද සොයා බැලුවේ කාවද ? | {
"answer_start": [
58
],
"text": [
"ගොන් බාන"
]
} |
2a584988-b8ec-4c3d-8c27-54c65c988201 | ප්‍රංශ ජනාධිපතිවරණය හෙට ඇරැඹේ. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ අදියර දෙකකිනි. දෙවැනි අදියර අප්‍රේල් 24 වැනිදා පැවැත්වීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 12 දෙනකු ඉදිරිපත් වී සිටින අතර වත්මන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් තවත් පස් වසරක ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. ප්‍රංශ ජනාධිපති නියෝජනය කරන්නේ මධ්‍යස්ථමතධාරී රිපබ්ලිකන් පක්ෂය යි. ප්‍රංශ දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා ද ඇත්තේ, 2017 වසරේ මෙන්ම, මෙම ජනාධිපතිවරණයෙන් ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් ජයග්‍රහණය කරනු ඇති බවය. මැක්රොන්ට අභියෝගයක් එල්ල වනු ඇත්තේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මැරීන් ලා පෙන්, ගෙනි. මැරීන් ලා පෙන් නායකත්වය දෙන්නේ ‘ජාතික පෙරමුණ’ පක්ෂයටය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරති. | දක්ෂිණාංශික, අන්ත දක්ෂිණාංශික පක්ෂ, වාමාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නියෝජනය කරන්නේ කවුද? | {
"answer_start": [
630
],
"text": [
"ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින සෙසු අපේක්ෂකයෝ"
]
} |
ef8fc858-015d-43ac-8fe3-2def18452fbd | එමෙන්ම තවත් සඳහනක් වන්නේ මිහිඳු හිමියන් ඇතුළු පිරිස මෙම ගල මුදුනට වැඩම කර මිහින්තල ප්‍රදේශය නිරීක්ෂණය කිරීමෙන් පසුව එහි වැඩම කළ බවයි. ඉසින් බැස්ස ගල දේවානම් පියතිස්ස රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 250-210 කාලයේදී පූජනීය ස්ථානයක් වශයෙන් ගොඩනගා ඇති බවයි. ඉහත සඳහන් කළ පිරිස් ඉසින් බැස්ස ගල ලෙස භාවිතා කිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ මෙම ගල් තලාවන්හි ඉසිවරුන් වැඩකිරීම බවයි. මෙම ගල්තලාවට ආසන්නව ඇති ඉපැරණි රජමහා විහාරයෙහි භූමිය කැණීම් කිරීමේදී ඉපැරණි නටබුන් සොයාගෙන තිබෙනවා. එහිදී ඉපැරණි ස්ථූපයක් තිබූ බවට සාධක සහිත අතර එම ස්ථානයේ ඉදිකළ නව ස්ථූපය විසිවන ශතවර්ෂය මැද භාගයේදී ඉදිකළ බවයි සඳහන් වන්නේ. | ඉසින් බැස්ස ගල ලෙස භාවිතා කිරීමට හේතුව ලෙස සඳහන් වන්නේ කුමක්ද ? | {
"answer_start": [
331
],
"text": [
"ගල් තලාවන්හි ඉසිවරුන් වැඩකිරීම බවයි"
]
} |
707f8263-c73a-4acf-b9eb-c17ec2234cf9 | සිතට දිරිගත් ඇය දේවාලයක් කරා ගොස් කපු මහතකු හමුවූවාය. නිරුපමාව දැක්ක හැටියේ කපු මහතා කීවේ ප්‍රේත ආත්මයක බැල්මක් වැටී ඇති බවයි. ‘තමන්ට කෑම කන්න පිරියක් නැහැ නේදැයි’ කපු මහතා ඇය කිසිවක් පැවසීමට පෙරම ඇසුවේය. නිරුපමා ඉතා අසරණ ස්වරූපයෙන් කියා සිටියේ ඇය දින දෙක තුනක් තිස්සේ කිසිදු ආහාරයක් නොගත් බවත් අප්පිරියාවකින් පෙළෙන බවත් තමන්ට ඉඳහිට ඇවිද ගැනීමට අපහසු වී දණහිස් පණ නැතිව යන බවත්, දෙපා ඉදිමෙන බවත් එය ටික දවසක සිට තිබෙන බවයි. කපු මහතා නිරුපමාට පැවසුවේ ඇයට ඇස්වහ කටවහ වැදී ඇති බවත් මුලින්ම ඇස්වහ කටවහ දුරු කර නූලක් දමා ගන්නා ලෙසයි. දෙවියන් ඉදිරියේ කන්නලව් කළ කපු මහතා දෙහි ගෙඩි නමයක් ගෙන නිරුපමාගේ හිසේ සිට පාදාන්තය දක්වා දෙහි කපා ඇස්වහ කටවහ දුරු කළේය. ඉන්පසු කරට නූලක් දැමුවේය. | නිරුපමාව දැක්ක හැටියේ කපු මහතා කීවේ කුමක්ද? | {
"answer_start": [
90
],
"text": [
"ප්‍රේත ආත්මයක බැල්මක් වැටී ඇති බවයි"
]
} |
4e5fb384-1d65-4422-9fbd-1d080ff5ab7f | යනෝමාලිවරු තම ගෝත්‍රික අනන්‍යතාව ලෙස මුහුණෙහි කෝටු තුනක් පැලඳ ගැනීම කරති. මෙම කොටු තුන යටි තොල අසලින් සවි !කෙරෙන අතර, ඒවා සවි කෙරෙන්නේ කට දෙපැත්තෙන් දෙකක්ද කට මැදින් නිකට කෙළින් එකක්ද ආදී වශයෙනි. යනෝමාමිලා සිතන්නේ මේ කෝටු කෑලි ඔවුන්ගේ මුහුණුවලට ලස්සන එකතු කරන බවය. මොවුන්ගේ අනෙක් ජනප්‍රිය මෝස්තරය මුහුණ මත සිත්තම් කිරීමය. ඇහි බැමි යාකරමින් මුහුණු පුරා යන දිගු කළු පැහැති ඉරක්ද නහය දෙපසින් යන තවත් කළු ඉරක්ද ඒ මත කළුපාට තිත් ද තබමින් මේ මෝස්තරය නිර්මාණය කෙරේ. මෙය යනෝමාමිලාගේ සම්ප්‍රදායික මුහුණ පින්තාරු කිරීමේ මෝස්තරයයි. | කෝටු කෑලි පිළිබද යනොමාමිලා සිතන්නේ කෙසේද ? | {
"answer_start": [
235
],
"text": [
"මුහුණුවලට ලස්සන එකතු කරන බවය"
]
} |
45384a75-0636-436d-b6e4-b273cd9cf748 | පුරාණ ආචාර්යවරුන්ගේ වැදගත් සටහන් අනුව වැඩගත් පැරැණි අපේ මුතුන් මිත්තන් ප්‍රථමයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා ගවයන්ගෙන් වැඩ ගැනීම සඳහා නැකත් භාවිත කර තිබේ. එතැන් පටන් මිනිසාගේ උපතේ සිට මරණය නිවසින් පිටතට ගැනීම දක්වා නැකත් හෙවත් හොඳ වේලාවට වැඩ කිරීම ආරම්භ කර තිබේ. මෙම හොඳ වෙලාව ගැන විනිශ්චය කිරීම සඳහා යමෙකු උපන් නැකත සමග කාර්යය සිදුකරන දිනට ඇති නැකතද ගැළපීම අනුව එම කාර්යයේ යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. ජ්‍යොතිෂ්‍යය අනුව රවි දින, සඳු දින, කුජ දින වශයෙන් දින මාස නම්කර ඇති ලෙසට මාසද බක් වෙසක් පොසොන් යනුවෙන්ද නම්කර තිබේ. | ජ්‍යොතිෂ්‍යට අනුව මාස නම් කර ඇත්තේ කෙසේද? | {
"answer_start": [
475
],
"text": [
"බක් වෙසක් පොසොන්"
]
} |
51089b40-3868-47f7-9a0e-0ed0d5fdf389 | අතීතයේ සිංහල රාජ්‍යයේ රාළ නමින් හඳුන්වා ඇත්තේ ප්රධානීන්ය. විවිධ තනතුරු දැරූ ප්‍රධානීන් තමන්ගේ තනතුර සහිතව රාළ යනුවෙන් හැඳින්වීම එකල පැවති සිරිතයි. මහ රාළ යනුවෙන් රජතුමාද හඳුන්වා ඇති බව ජනප්‍රවාද ජනකතා තුළින් ද හෙළිවේ. ඉන් අනතුරුව ගැමියන්ගේ පෞද්ගලික නාමයන් සමඟද රාළ යන්න පාවිච්චි කිරීමට පුරුදු වී ඇත. කෝරාළ - කෝරළයක් හෙවත් පත්තුවක ප්‍රධානියා අතුකෝරාළ - කෝරාළට සහාය වූ මුලාදෑනියා රටේ රාළ - රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා ගම රාළ - ගමේ ප්‍රධානියා මේ නමින් හඳුන්වයි. උණ්ඩිය රාළ - මුදල්භාර නිලධාරියා හෙවත් මුදල් භාරකරු බද්දෙ රාළ - බදු සහ දඩ මුදල් එකතු කළ නිලධාරියා ගං ඇති රාළ - ඉඩම් හිමියා. ඔහු සතුව සෑහෙන ඉඩකඩම් ප්‍රමාණයක් ඇත. පිහන රාළ - ප්‍රධාන අරක්කැමියා මඩප්පු රාළ - අරක්කැමියාට සහාය වන පුද්ගලයා කීරාළ - පයින්ඩකරුවන්ගේ ප්‍රධානියා ඩිංගිරාළ - රටේ රාළට සහය වන නිලධාරියා. ගැමියන් ඩිංගිත්තක් යනුවෙන් කියන්නේ ටිකක් යන අර්ථයටය. | රටේ මහත්තයා හෙවත් රටේ පාලකයා හදුන්වා ඇත්තේ කුමන නමකින්ද? | {
"answer_start": [
379
],
"text": [
"රටේ රාළ"
]
} |
1f1e0961-cd8f-47ca-8320-454b88d370c3 | පෘතුග්‍රීසීන් කන්ද උඩරට රාජධානිය සමග කුරුඳු වගාවට ගිවිසුම් අත්සන් කළද රත්නපුර ආශ්‍රිතව එවැනි ගිවිසුමකට එළැඹුණ බවට සාධක නැත. එහෙත් ලන්දේසීන් කුරුඳු සඳහා පෘතුග්රීසීන්ට වඩා අනුග්‍රහයක් ලබා දී කැපී පෙනෙයි. කළු ගඟ දෙපස පමණක් නොව කළු ගඟේ ප්‍රධාන උප ගංගාවක් වූ කුරු ගඟ ද මේ වකවානුව වන විට ඔරු පාරු ප්‍රවාහන සේවයට එක්ව සිටි බව පැහැදිලිය. ඔරුවක් මෙන් දෙතුන් ගුණයක් විශාල තෙප්පම් කළු ගඟ සහ කුරු ගඟ දිගේ ප්‍රවාහනයට යොදා ගන්නට ඇති බව පෙනේ. ඒ නිසා පාරුවකින් ගෙනියන භාණ්ඩ මෙන් හත්අට ගුණයක බඩු තෙප්පමකින් ගෙන යා හැකිය. තෙප්පමක් අඩි පනහකට වඩා වැඩි දිගකින් යුක්තය. | තෙප්පමක දිග අඩි කොපමණ වේද ? | {
"answer_start": [
514
],
"text": [
"අඩි පනහකට වඩා"
]
} |
a2d1c85e-5e78-4abd-a0d2-f12814dc31a6 | අදටත් මේ ගුරුකම් කන්දට මේ ගම්වල මිනිසුන්ට තියෙනවා බිය මුසු හැඟීමක්. ඒ කන්දට තනියෙන් යන එක කොහොම වෙතත් කන්ද දිහා බලන බැල්ම අද්භූතයි. මේ මිනිසුන්ගේ විශ්වාසය වෙන්නේ හෙළන බැල්ලමකට හරි කන්දේ තියෙන ගුප්ත ගුරුකම් බලයෙන් යම් බලපෑමක් වෙනවා කියන අදහස. මේ කන්ද අනිත් කඳු වගේම දිය උල්පත්වලින් සතා සීපාවාගෙන් පිරිලා. අහළ පහළ ගම්වල ඉන්න මිනිසුන්ගේ එදිනෙදා ඕනෑ එපාකම් පිරිමහන්නේ මේ කන්ද. එහෙම වුණා කියලා සිරිතක් නැහැ මේ ගම්වල මිනිස්සු තනියම කන්දට යන. ඕනෑකමකට ගියත් යන්නේ කල්ලි ගැහිලා. එහෙම ගැහෙන කල්ලිය කවදාවත් සීමාවෙන්නේ නෑ තුන් දෙනෙකු හත් දෙනෙකුට. ඒ වගේම තියෙන නියමය වෙන්නේ දෙකෙන් බෙදෙන ගණනකින් තියෙන කල්ලියක් කන්දට යාම. මේ හැම දෙයක්ම එන්නේ බිහිරි හාමුදුරුවන්ගේ ගුරුකම් බලය හේතුවෙන්. ඒ වුණත් විශේෂම දේ වෙන්නේ බිහිරි හාමුදුරුවන් කවදාවත්, කාටවත් නරකක් නපුරක් නොකිරීම. | කන්දට යන කල්ලිය සෑදෙන්නේ කෙලෙසද? | {
"answer_start": [
561
],
"text": [
"දෙකෙන් බෙදෙන ගණනකින්"
]
} |
21027c70-a507-4b3a-9674-77c997992087 | විවිධ රාජ්‍ය සමවලට අයත් පෞරාණික වටිනාකමින් යුතු බොහෝ දේ ජීවමාන සාක්ෂි ලෙස දැක ගැනීමට සළස්වා ඇත. මෙහි හන් රාජධානි සමයේ වූ විශේෂිත පරිවර්තනය සහ ඊට හේතු සාධක වූ සියලු තොරතුරු සමග සේද මාවතේ ආර්ථික හා සමාජීයීය වශයෙන් සිදුවූ සංවර්ධනයට හේතු සාධක ද දැකගත හැකිය. මෙම කලාපයේ ඉපැරණි බෞද්ධ සංස්කෘතියට අදාළව නිර්මාණය වූ චිත්‍ර බුදුන්ගේ ප්‍රතිමා බිත්තිවල අඳින ලද බුදුන්ගේ රූප දැකගත හැකිය. එම චිත්රවල පැහැය හරියට දඹුලු ලෙනෙහි ඇති සිතුවම්වලට සමානය. විටෙක වෙහෙරගල විහාරයෙහි බිතු සිතුවම්වලටද ඒවා සමකළ හැකිය. ඒ අතරින් වෙනස්ම රූපය ලෙස මෙහි ඇති ලීයෙන් නිර්මාණය කරන ලද බුදු රුව සඳහන් කළ හැකිය. | ඒ අතරින් නිර්මාණය කරන ලද වෙනස්ම රූපය ලෙස ගත හැක්කේ කුමක්ද? | {
"answer_start": [
549
],
"text": [
"බුදු රුව"
]
} |
82342803-eed3-4606-a71d-0d897a758488 | භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සෑම ආරාමයකම පාහේ පොකුණු ඉදිකර තිබෙනු අපි දැකඇත්තෙමු. ඒ සඳහා යොදාගෙන ඇත්තේ ස්වාභාවිකව නිර්මාණය වූ ගල් වලවල්ය. එවැනි පොකුණු වර්ග 5ක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන අතර, එම පොකුණු වර්ග 5ම මෙම පර්වතයේ දී දැකගැනීමට හැකියාව ලැබේ. එම පොකුණු වර්ග 5 අතරට අයත් වන්නේ මල් පොකුණ, පා පොකුණ, පියන් පොකුණ, ඇස් පොකුණ සහ කුට්ටම් පොකුණය. එයින් මල් පොකුණක් ලෙස හඳුන්වනු ලබන්නේ මල් වලින් ගැවසීගත් පොකුණුය. පරිධියෙන් ඉතා විශාල වූ පර්වතයේ තිබෙන මල් පොකුණ දිග අඩි 30කින් සමන්විත වන අතර, පළල අඩි 14ක් සහ ගැඹුර අඩි 04කින්ද සමන්විත වේ. මෙම පොකුන ඕලු, නෙළුම් ආදී පුෂ්පයන්ගෙන් පිරී පවතී. පර්වත මස්තකයෙහි පිහිටි චෛත්‍ය හා විහාර මන්දිරය වැඳ පුදා ගැනීමට යන බැතිමතුන් පා දෝවනය පිණිස ජලය ලබාගෙන තිබෙන පොකුණක් පර්වතයේ පිහිටා තිබේ. එය පා පොකුණක් වශයෙන් හඳුන්වා දීමට හැකියාව ලැබෙන අතර, එම පොකුණ දිග අඩි 11 කින් සහ පළල අඩි 04කින් යුක්ත වේ. | එවැනි පොකුණු වර්ග කීයක් දැනට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේද? | {
"answer_start": [
150
],
"text": [
"පොකුණු වර්ග 5ක්"
]
} |
02f2ea55-7cf6-4bb1-b0b2-41635b26b8e0 | මේ අතර දසුන්ගේ සිරුරේ දක්නට ලැබෙන තැළුම් තුවාල ඇති වූයේ කෙසේදැයි ඔහුගේ දෙමාපියන්ගෙන් විමසා බලන ලෙස වෛද්‍යවරයා පොලිසියට දැනුම් දුන්නේය. ඒ අනුව ඔහුගේ මවගෙන් ප්‍රශ්න කිරීමක් කළත් ඇය දින තුනක් තිස්සේ රෝහල්ගතව සිටි නිසා මේ කිසිවක් දන්නේ නැත. දසුන්ගේ සුළු පියාද කියා සිටියේ පහරදීමක් ගැන තමන් කිසි දෙයක් නොදන්නා බවය. දසුන්ට දින කීපයකට පෙර සිට කැස්සක් හටගත් බවත් එයට වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් අතර හිටි ගමන්ම ඔහුට සිහි නැති වූ බවත් සුළු පියාගේ ප්‍රකාශයෙන් කියැවින. එයින් එහාට දෙයක් ඔහුගෙන් ලබාගත නොහැකි විය. දසුන්ගේ අක්ෂි තරලයේ මේ ප්‍රමාණයටත් වඩා ජලය අඩංගු වූයේ නම් එය සිදුවිය හැක්කේ කෙසේද? අධික ලෙස ශරීරයට ජලය එකතු විය හැකි ක්‍රම දෙකකි. අදාළ පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන්නේ නම් ඇතැම් විට ඔහු කිසිම හේතුවක් නැතිව ජලය පානය කරයි. එසේත් නැත්නම් කිසියම් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් ජලය පෙවිය යුතුය. ජලය අධික ලෙස ශරීර ගතවීම සිරුරට විෂ විය හැකිය. බාහිර තුවාල කිසිවක් නොකර වධ හිංසා පැමිණවීමේ ක්‍රමයක් ලෙස ජලය පෙවීම ප්‍රසිද්ධය. | අධික ලෙස ශරීරයට ජලය එකතු වීමට කළ යුත්තේ මොනවාද? | {
"answer_start": [
733
],
"text": [
"කිසියම් පුද්ගලයෙක් විසින් බලහත්කාරයෙන් ජලය පෙවිය යුතුය"
]
} |
8c9fa656-aed4-407d-bca6-aa84288bfe84 | 80 දශකයේ කාගෙත් ආදරය දිනූ සිනමා නළුවෙකු වු සනි ඩියොල්ගේ පුත් කරන් ඩියොල් මීට දින කිහිපයකට පෙර විවාහ ගිවිසගත් පුවතක් වාර්තා වෙයි. මෙසේ කරන් විවාහ ගිවිස ගෙන ඇත්තේ කුඩා කාලයේ සිට තම මිතුරියක් වූ ඩ්රීෂා සමගිනි. ඩ්රිෂා යනු චිත්‍රපට අධ්‍යක්ෂක බිමල් රෝයිගේ මිනිබිරියක්ද වෙයි. කෙසේ වෙතත්, වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර සිටින්නේ කරන් හ ඩ්රිෂාගේ විවහ ගිවිස ගැනිමක් මේ වනවිට වාර්තා නොවන බවය. ඔවුන් දෙදෙනාම සනි ඩියොල් රඟපැ, බිමල් රෝයි අධ්‍යක්ණය කළ අප්නේ චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය සඳහා රංගනයේ යෙදෙන බව සඳහන් වෙයි. | 80 දශකයේ කාගෙත් ආදරය දිනූ සිනමා නළුවෙකු වන්නේ කවුද? | {
"answer_start": [
43
],
"text": [
"සනි ඩියොල්"
]
} |
a7239183-4239-48f5-a08b-1e25f28101fb | වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊජිප්තුවේ වැසියෝ කකුලට පාවහන් භාවිතා කර නොමැත. එකල වැසියෝ ගමනා ගමනයේ යෙදී ඇත්තේ පාවහන් නොමැතිවය.එම වකවානුවේ ඊජිප්තුවේ වෙළඳාම් කටයුතු වල නිරත මස් වෙළෙන්දෝ බිමට වැටෙන රුධිරය කකුල් වල නොගෑවෙන ලෙස ආරක්ෂා වීම සඳහා ලී වලින් සදා නිම කළ පතුල උස පාවහන් වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදුවී සිටියහ. ඉන්පසු පුරාණ පර්සියා ජාතික අශ්වාරෝහකයෝ අශ්වයන් පිට ගමන් කිරීම සඳහාත් එයින් ආරක්ෂා වීම සඳහාත් පතුල උස සපත්තු භාවිතා කිරීමට පුරුදුව ඇත. ඊට අමතරව පුරාණ ඊජිප්තුවේ ගොඩ නැගුණු පිරමීඩ ආශ්‍රිතව සමහර සොහොන් කොත්හී බිත්ති මත නිර්මාණය කරන ලද රූප අතර පාවහන් සහිත රූප රාමු දැකීමට ලැබීම හා එය අනුකරණය කිරීම තුලින් පුරාණ ඊජිප්තු මස් වෙළෙන්දෝ ප්‍රථමයෙන් අඩිය උස සපත්තු භාවිතය ආරම්භ කර ඇත. | පුරාණ පර්සියා ජාතික අශ්වාරෝහකයෝ පතුල උස සපත්තු භාවිතා කිරීමට පුරුදුව ඇත්තේ කුමක් සඳහාද? | {
"answer_start": [
457
],
"text": [
"අශ්වයන් පිට ගමන් කිරීම සඳහා"
]
} |
f6b27e0c-d13c-474c-9a93-9eb172d7fc7d | අදත් අපි සීතාවක. අද කොහෙද දන්නවද, අපි ඔයාවත් එක්ක යන්න හදන්නේ? ගිය සතියේ බැරුන්ඩි කෝවිලට ගිය අපි මේ සතියේ ඔන්න ඔයත් එක්ක යනවා සීතාවක රජමාලිගාව තිබුණා කියලා විශ්වාස කරන තැනට. අදටත් මෙතන රජමාලිගාව තිබුණද කියලා හරියටම කියන්න සාක්ෂි තාම හඳුනාගෙන නෑ. අද මේ නටබුන් තියෙන තැන හඳුන්වන්නේ ලන්දේසි බලකොටුව විදිහට. සීතාවක රජමාලිගයක් තිබුණා කියලා අතීත ජනශ්රැති ජනප්‍රවාදවල සඳහන්. සීතාවක රාජධානි සමයේදී පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි බලපෑම් තදින්ම එල්ලවුණා. ජනප්‍රවාදය කියන්නේ සීතාවක රජමාලිගාව පෘතුගීසින් පැමිණ සම්පූර්ණයෙන්ම ගිනිබත් කළා කියලා. ලන්දේසින් පෘතුගීසින් ගිනිබත් කළ මාලිගාවේ නෂ්ටාවශේෂ මත තමා ඔවුන්ගේ බලකොටුව නිර්මාණය කරලා තියෙන්නේ. ලන්දේසි බලකොටුව ඉදිකිරීමත් එක්ක මාලිගාවේ පවුරැ පදනම් සියල්ල ඒ බිමෙන් අතුගෑවිලා ගිහින්. ගල්පුවරැවල පුංචි සාධක කිහිපයක් හැරෙන්න ලාංකික නිර්මාණ ශිල්පයේ කිසිවක් ඒ බිමේ ඉතුරැ වී නැහැ. විජයබා කොල්ලයේදී කෝට්ටේ හිටපු හත්වැනි විජයබා රජ්ජුරැවන්ගේ පුතුන්ට තමා රජකම හිමිවෙන්න තිබුණේ. ඒත් ඒ කුමාරවරැන්ගේ මව මියයාමෙන් පසු රජු තවත් බිසවක් මාලිගාවට කැඳවාගෙන ආවා. ඒ බිසව රජුගේ බිසව වෙන්න එන්නේ ඇයගේ පුතුත් සමඟ. මේ බිසව රජු හා කුමන්ත්‍රණය කර තම පුතුට රජකම ලබාදුන්නා. ඒ අවස්ථාවේ විජයබා රජුන්ගේ පුතණුවරැ ආරක්ෂාව පතා මාලිගාවෙන් පැන යනවා. මේ පුතණුවරැ පසුව තම පියා තමන්ට කළ ද්‍රෝහිකම නිසා පෘතුගීසි සෙබළු යොදා පියා ඝාතනය කළා. ඉන්පසු මේ සහෝදර කුමාරවරැ කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදාගෙන පාලනය කරලා තියෙනවා. පෘතුගීසින් රජමාලිගය ගිනිබත් කළත් මෙතන බලකොටුවක් හැදුවෙ නෑ. වර්ෂ 1521න් පසු ආරම්භ කළ සීතාවක රාජධානිය 1590 ගණන්වල මුල් කාලයේ අවසන් වුණා. ලංකාවේ රාජධානි ගත්තම පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි හා සිංහල පාලකයන් යන හතර පාර්ශ්වයම පාලනය කරපු රාජධානියක් තියෙනවනම් ඒ තමා සීතාවක රාජධානිය. | ජනප්‍රවාද වලට අනුව සීතාවක රාජධානිය සම්පූර්ණයෙන් ගිනිබත් කලේ කවුරුන්ද? | {
"answer_start": [
478
],
"text": [
"පෘතුගීසින්"
]
} |
52855cf9-343b-4208-8c3f-63304c0d5cc6 | උදරයේ සැත්කමකට භාජන කෙරුණු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඔහු ප්‍රතිකාර ලබන රෝමයේ ජිමෙලි ශික්ෂණ රෝහලේ සඳලු තලයේ සිට ඉරිදා යාඥා මෙහෙය පැවැත්වීය. 84 හැවිරිදි පාප්තුමන් උදරයේ සැත්කමට භාජන කෙරුණේ මීට සතියකට පෙර පසුගිය 4 වැනිදාය. පාප්තුමන්ගේ මහ බඩවැලේ අග සිහින් වීමක් හේතුවෙන් සැත්කම සිදු කෙරුණි. පාප්තුමන් උදරයේ ආබාධයකින් පෙළෙන්නේ 2014 වසරේ සිටය. සාමාන්‍ය නිර්වින්දන තත්ත්වයක් යටතේ සැත්කම සිදු කෙරුණු බවත් ඊට පැය කීපයක් ගතවුණු බවත් වතිකානය එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. සැත්කමින් පසු පාප්තුමන් වෛද්‍ය අධීක්ෂණය යටතේ දින කීපයක් රෝහලේ සිටිනු ඇති බව වතිකානය නිවේදනය කළේ පසුගිය 5 වැනිදාය. | උදරයේ සැත්කමකට භාජනය කළේ කවුරුන්වද ? | {
"answer_start": [
27
],
"text": [
"ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්"
]
} |
46741dc7-a9a4-4195-897a-de2c4b6dde6d | ටාර්ඩිග්‍රේඩ් සතුව දිගැටි, තර සිරුරක් පවතින අතර, කෙටි පාද අටක් සහිත වේ. ජල වලසුන් යන නාමයෙන් පවා හඳුන් වන මොවුන් වර්ධනය කුඩා ධාන්‍ය ඇටයක් හෝ වැලි කැටයක් හෝ දූවිලි අංශුවක් තරම් වන බැව් කියැවේ. මෙම ජීවීන් අර්ධ - ජලචර ජීවීන් විශේෂයක් ලෙස සැලකෙන අතර ඔවුන්ට ජලජ පරිසර පද්ධතියක් තුළ මෙන්ම ගොඩබිම් පරිසර පද්ධතියක් තුළ දී පවා නොනැසී පැවතීමේ හැකියාව පවතී. මෙම පරාසය සාගර, ජලාශ, වැව්, කඳුකර ප්‍රදේශ, වනාන්තර හෝ වැලි සහිත ශුෂ්ක කලාප දක්වා විහිදී යා හැකියි. මොවුන් ලෝකය පුරා සෑම ස්ථානයකින් පාහේ වාර්තා වී ඇති අතර ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර හා සක්‍රීය ගිනිකඳුවල පවා ජීවත් වන බව සඳහන්. දියසෙවල සහිත පරිසර පද්ධතීන් තුළ මොවුන් බහුල වශයෙන් ජීවත් වේ. ටාර්ඩිග්‍රේඩ් ජීවීන් සොබාදහමේ පුරෝගාමීන් ලෙස සලකනු ලබන අතර අලුත් ජීවය පවත්වා ගැනීමට අපහසු පරිසර පද්ධතීන් තුළ කොලනි තනාගනී. විද්‍යාඥයින් ප්‍රකාශ කරනුයේ මොවුන් සාගරය හැරදා වියලි ගොඩබිමට පැමිණි මුල්ම ජීවීන් අතර සිටින්නට ඇති බවය. සම්පූර්ණ වශයෙන් ක්‍රියාකාරී ටාර්ඩිග්‍රේඩ් ජීවියෙකුගේ ආයුකාලය මාස කීපයකට සීමා වේ. | ටාර්ඩිග්රේඩි ජීවියෙකු සතු පාද සංඛ්‍යාව කොපමණද? | {
"answer_start": [
58
],
"text": [
"අටක්"
]
} |
df03a22f-f7d3-4661-a0ce-6d68c221dd2b | ඇතැම් පුද්ගලයන් සැකකාර ඕලු මරාගේ වධකාගාරයේ රඳවා තබාගෙන ඔවුන්ගේ කකුල්වලට ඇණ ගැසූ අවස්ථා ද තිබෙන බවට තොරතුරු අනාවරණය විය. සහකාර පොලිස් අධිකාරිවරයා මුලින්ම කළේ ඕලු මරා ඇතුළු පාතාල කල්ලිය ගැන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමය. පොලිසියේ ඇතමුන් පවා මේ පාතාල කල්ලියට බියවූ අතර සිරිගම්පල ජනපදයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට ඕලු මරා ඇතුළු පාතාල කල්ලිය පහරදීමක් පවා සිදුකර ඇත. එතැනින් එහාට කිසිදු පියවරක් ගෙන නොමැති බවට ද කරුණු හෙළිවිය. සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඕලු මරාගේ පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට හා නීතියේ රැහැනට කොටුකර ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කරගත්තේ දෙවැනි පියවර වශයෙනි. | පුද්ගලයන් රඳවා තබාගෙන ඇණ ගැසුවේ කුමන වධකාගාරයේද? | {
"answer_start": [
23
],
"text": [
"ඕලු මරාගේ වධකාගාරයේ"
]
} |
2c54ad56-dbc1-4f29-8955-af867834de23 | එතැන් සිට කුඩාවැල්ලේ මහජන බැංකුව කොල්ලකෑම, මීරිගම කොමර්ෂල් බැංකුව කොල්ල කෑම, අත්තිඩියේ කොමර්ෂල් බැංකුව කොල්ලකෑම, ඇතුළු බැංකු මංකොල්ල රැසක් කොස්ගොඩ තාරකගේ ගිණුමට බැරව තිබේ. මෙසේ බැංකු කොල්ල කා මුදල් උපයා ගැනීම මගින් තාරක තමන්ගේ කල්ලියට සාමාජිකයන් මිලදී ගත් බවද පැවසේ. ඒ රිමාන්ඩ් භාරයේ සිටින අපරාධකරුවන්ට ඇප ලබාදෙමින් ඔවුන් තමන් වෙත නම්මා ගැනීම මගිනි. ඔහුගේ ඉලක්කය වැරදී ජීවිතය බන්ධනාගාරයේ සිරකුටියක් තුළ සිරකරලන්නට හේතු වූයේ මාතර රන්බඩු වෙළෙඳසලක් කොල්ලකෑම නිසාය. ඒ 2018 ජුනි මාසයේදීය. ඒ කොල්ලයට තාරකගේ එක්කුස උපන් සහෝදරයා වූ මධුක නිර්මාල් ධර්මකීර්තිද එක්වූ අතර ඔවුන් දෙදෙනාම පොලිසිය හා ඇතිකරගත් ගැටුමේදි වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටියදී අත්අඩංගුවට පත්වුහ. | මංකොල්ල රැසක් බැර වී ඇත්තේ කාගේ ගිණුමටද | {
"answer_start": [
139
],
"text": [
"කොස්ගොඩ තාරකගේ ගිණුමට"
]
} |
249ed996-ff53-405c-bb4c-5beee933fda1 | අපේ අතීත උරුමයක් වන මහනුවර යුගයේ චිත්‍ර බොහොමයක් ම මේ වනවිට විනාශයට යමින් පවතී. තවත් සමහරක් විනාශ වී අවසන් ය. එය කනගාටුවට කරුණකි. දෙගල්දොරුවේ බිතු සිතුවම් එයට එක් උදාහරණයක් පමණි. මහනුවර යුගයේ බිතුසිතුවම් පිහිටා ඇති විහාරස්ථාන කිහිපයකි. ශ්‍රී දළදා මාළිගය, මැදවල, සූරියගොඩ, කුණ්ඩසාලය, දන්තුරේ, පල්කුඹුර, මාලගම්මන, දියකෙළිනාවල, කුළුගම්මන, ගඩලාදෙනිය, හිඳගල, ලංකාතිලකය, නාගවිමානය, සුදුහුම්පොල, නිත්තවෙල, මල්වත්ත, දළුක්ගොල්ල, පුසුල්පිටිය, හඟුරන්කෙත, බඹරගල, දළදාගම, අරත්තන යන විහාරස්ථාන ඒ අතරින් ප්‍රධානය. | අපේ අතීත උරුමයක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
20
],
"text": [
"මහනුවර යුගයේ චිත්‍ර"
]
} |
4b7c211e-133f-4e74-8b8c-6c2cf98b2210 | විවාහය සඳහා ප්‍රධානම නැකත හැටියට ව්‍යවහාරයේ පවතින්නේ දෙදෙනා පෝරුවට නැග අතපැන් වත්කරන වේලාව බව සඳහන් වෙයි. මෙයද වර්තමානය දෙස බලනවිට අද මනාල මනාලියන් ශාරීරික නොඉඳුල් භාවයක නොසිටින නිසා එම අතපැන් වත්කරන නැකතේ විශේෂත්වයක් නොපෙනෙයි. පෙර කල විවාහ කටයුතු සිදුකරන විට මනාලිය මනාලයාගේ ශරීර ස්පර්ශ වන්නේ මෙම අතපැන් වත්කරන වේලාවට බව පිළිගැනීමක් තිබුණි. වර්තමානයේ තරුණ තරුණියන් දැන හඳුනාගෙන ඇසුරු කරන නිසා නොඉඳුල් භාවයක් නැත. මඟුල් මඩුවට කණු සිටුවීමටද සුබ මුහුර්ත සාදනු ලබයි. නමුත් වර්තමානයේ කුලියට ගෙනත් සවිකරන ටෙන්ට් හෝ නැත්නම් උත්සව ශාලාවල පවත්වන නිසා මෙම පැරණි ක්‍රමය අභාවයට ගොස් ඇත. මඟුල් පෝරුව සෑදීමද මනාලියගේ නැකතට ගැළපෙන සේ යොදා ගනී. නමුත් වර්තමානයේ කුලියට දෙන මඟුල් පෝරු ඇති නිසා මෙම මඟුල් පෝරු සකසන නැකතද අභාවයට ගොස් ඇත. | මඟුල් මඩුවට කණු සිටුවීමට සාදනු ලබන්නේ කුමක්ද? | {
"answer_start": [
441
],
"text": [
"සුබ මුහුර්ත"
]
} |
5f7f9c8e-2ad1-404c-98bd-1df901cb0db1 | රොබට් නොක්ස් ගොවිතැන් කරන ලද වෙල්යාය අදටත් එලදැත්ත ගම්මානයට එකතු කරනුයේ අති රමණීය සුන්දරත්වයකි. එම වෙල්යාය මැද්දේ ඇති අඩිපාර එවකට පැවැති වැවේ වැව් කණ්ඩිය බවත් ඊට යාබදව ගලින් තැනු සොෙරාව්ව එම වැවේ සොරොව්ව බවත් එලදැත්ත ගම්මු සඳහන් කරති. මෙම සුන්දර වෙල්යායට දකුණු පසින් ජලය පිරිණු ඇළ මාර්ගයක් ගමන් කරයි. එම ඇළ මාර්ගයේ එක් ස්ථානයක සකස් කොට ඇත්තේ විස්මයජනක මෙන්ම විශිෂ්ට වූ වාරි නිර්මාණයක් ලෙසිනි. ගවයින් 30 දෙනෙකු පමණ යොදා කොළමැඩිය හැකි විශාල කමතක් එදවස තිබී ඇති අතර අදටත් එම ස්ථානයේ එකී කොළමඩින එම කමත දැකිය හැක. මෙකී විශාල කමත යටින් ඇළ මාර්ගය උමං ඇළක් ලෙස සකසා ඇති අතර එය අඩි 163 ක් තරම් දිගකින් යුක්තය. විශාල ගල් පතුරු සිටුවා ඒ මත තවත් ගල් ලෑලි තබා එකින් එක කිසිදු බදාමක් භාවිත නොකොට තනා ඇති මෙකී උමං වාරි ඇළ සැබෑවටම විස්මයජනක නිර්මාණයකි. | රොබට් නොක්ස් ගොවිතැන් කරපු වෙල්යාය තිබෙන්නේ කුමන ගමේද? | {
"answer_start": [
43
],
"text": [
"එලදැත්ත"
]
} |
58a28551-c161-4373-b6ed-d5a4603c2243 | වරක් 1955 සැප්තැම්බර් මාසයේ දී කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා හා සාන්ත බස්තියම කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයාව සිටි ආර්. ප්‍රේමදාස මහතා වැලිකඩ සිරකරුවන් බැලීමට ගොස් ඇත. ඔහු බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා සමග කතා කරමින් එල්ලා මැරීමට නියමිත සිරකරුවන් සිටින මැදිරි කරා ගොස් ඇත්තේ කුතුහලය පිරි සිතකිනි. කිසිවකු උස් හඬින් කවියක් කියනු ඇසී ප්‍රේමදාස මහතා ඒ පැත්තට අවධානය යොමු කළේය. හපුවලාන බෙහෙත් ශාලාවේ ද්විත්ව මිනීමැරුමේ විත්තිකාරයන් තිදෙනකු වූ සිරිසේන ජිනසේන හා බුහාරි මරණීය දණ්ඩනයට කැපවී සිටියෝය. | ආර්.ප්‍රේමදාස මහතා කොහේ නගරාධිපතිද | {
"answer_start": [
31
],
"text": [
"කොළඹ නියෝජ්‍ය නගරාධිපතිවරයා"
]
} |
04e930bb-0c23-499f-ac9f-9454678645f1 | දේවක කිව්වා මම සෙට් කරලා දෙන්නම් කියලා මට ලියුමක් ලියන්න කිව්වා. ප්‍රථම ආදර ලියුම ලිව්වා. මම චිත්‍ර ශිල්පියෙක් හින්දා අත් අකුරු ලස්සනයි. එයා ඩිලන්ති දැන් මා හිතන්නේ වෛද්‍යවරියක්. මම අවුරුදු 35 කින් විතර දැකලා නෑ. මම ඉතිං පුදුම විදිහේ ආදර ලිපියක් ලිව්වා. මම එතකොට කැලුම්ට ඇඳලා හිටියේ. ලියුම දීලා දවස් 2 කින් දේවක මට කෙල්ලගෙන් ලියුමක් ගෙනත් දුන්නා. මට ඉතිං රටක් රාජ්‍යයක් ලැබුණා වගේ ඒ දවස තරම් සතුටුදායක දිනයක් තවම නැති තරම්. දෙවැනි ලියුමත් දුන්නා. අක්කාගේ කරාබු නැති වෙනවා. ලේන්සු නැති වෙනවා. අම්මාගේ සල්ලි නැති වෙනවා. මේවා සියල්ලම දේවකට ගිහින් දෙනවා. අර කෙල්ලට දෙන්න. ඌ දෙවියෙක් විදිහටයි මා සලකන්නේ. | මම ඇයව දැක නැත්තේ අවුරුදු කීයකින්ද? | {
"answer_start": [
182
],
"text": [
"අවුරුදු 35 කින්"
]
} |
855d31b1-0c85-4bfa-84a2-cd90334004ea | මෙම අබිරහස් රෝගයට හේතුව මොළයට බලපෑම් කරන මෙනින්ජයිටිස් ආකාරයේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ නොවන බව වෛද්‍ය පර්යේෂකයෝ පවසති. බලධාරීන් පැමිණ ගම්මානයේ පස් සහ ජලය නිරන්තරයෙන් පරීක්ෂා කෙරුණු නමුත් ජලයේ ආම්ලික හෝ භාෂ්මිකතාවයේ වෙනසක්, විසක් මුසු වූ බවක් හෝ කිසියම් විස රසායන ද්‍රව්‍යයක් පස්වලට මුසු වූ බවක් හෝ දකින්න නොලැබුණැයි පැවැසිණි. මෙම අබිරහස් රෝගය හේතුවෙන් කලාචී ගම්වැසියන් මහත්සේ බියට පත්වී සිටින බව වාර්තා වේ. රෝගය සම්බන්ධයෙන් ඔවුන් පවසන්නේ, ගම්මානය අසල අතහැර දමා ඇති යුරේනියම් පතළ ඊට හේතුවක් විය හැකියි කියාය. මේ පතළ සෝවියට් සමූහාණ්ඩුව පැවැති සමයේ දී භාවිතා කරන ලද්දක් නමුත් දැන් එය වසා දමා ඇත. යුරේනියම් විකිරණශීලී ද්‍රව්‍යයකි. පරමාණු බෝම්බ නිර්මාණයේ දී යුරේනියම් භාවිතා කරයි. | යුරේනියම් භාවිතා කර නිර්මාණය කරන්නේ මොනවාද? | {
"answer_start": [
630
],
"text": [
"පරමාණු බෝම්බ"
]
} |
bd691fdb-b94a-4132-b2a6-de0fe9c01dbe | මෙහිදී යමෙක් සාමාන්‍ය දේට බියවීම භීතිකා ලෙස නොසලකයි. උදාහරණයක් ලෙස යමකු සර්පයින්ට බියවීම, තමන්ට කවුරුහරි කෙනෙක් වෙඩි තියන්නට එළවුවහොත් ඊට බියක් දැක්වීම වැනි දේ සාමාන්‍ය බියයි. නමුත් බිය නොවිය යුතු දේවලට අසාමාන්‍ය ලෙස බියක් දැක්වීම රෝගී තත්ත්වයක්. මේවා මනෝ ප්‍රතිකාර මගින් සුව කළ හැකි බව බොහෝ දෙනා දන්නෙ නැහැ. ඒ නිසා පීඩා විඳිමින් ජීවත් වෙනවා. වත්සලාගේ තත්ත්වයද එවැන්නක්. ඇය සබකෝලය නැතහොත් සමාජ භීතිකාවෙන් පෙළී සිට ඇත. ඒ වගේම පාසල් යාමට අකමැත්තක් තිබූ අතර, වැඩි වශයෙන්ම ඇයට බලපෑවේ සබකෝලයයි. එම නිසා ඇයට මිනිසුන් ඉදිරියේ කතා කිරීමට බය, අපහසුව, වෙව්ලීම වැනි තත්ත්වයන් ඇති වී තිබෙනවා. විශ්ව විද්‍යාලයට යාමේදී එහි ගොස් අන් අය සමඟ මුසුවීමට හා එම අවස්ථාවන්ට මුහුණදීමට ඇති බිය නිසා ඇය විශ්ව විද්‍යාලයට යාම ප්‍රතික්ෂේප කළා. | සාමාන්‍ය බියට උදාහරණයක් දෙන්න. | {
"answer_start": [
67
],
"text": [
"යමකු සර්පයින්ට බියවීම"
]
} |
bb05d19a-3de1-493a-8d92-12b80964d9df | සමුද්‍ර කෞතුකාගාරය ප්‍රථමයෙන් ම 1992 වර්ෂයේ මැයි මස 9 වන දින සිට දේශීය විදේශීය නරඹන්නන් සඳහා විවෘත කෙරුණද 2004 සුනාමි ව්‍යසනයත් සමඟ මෙම කෞතුකාගාරය සම්පූර්ණයෙන් ම විනාශයට පත් ව ඇත. සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ නෙදර්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන් ලද මූල්‍යාධාර මඟින් ප්‍රතිනිර්මාණය වූ සමුද්‍ර කෞතුකාගාරය 2009 මැයි මස 18 දා නැවත මහජනතාව වෙනුවෙන් විවෘතව ඇත.ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ඇති කෞතුක භාණ්ඩ ලෙස අතීත සාම්ප්‍රදායික ධීවර ආම්පන්න, පැරණි ලක්දිව පැවති ඔරු විශේෂයන්වල ආකෘති, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත්ව තිබූ ප්‍රථම යුධ නෞකාව වූ විජය නෞකාවේ සුක්කානම ආදී තවත් කෞතුක වස්තූන් රැසක් දැක බලාගත හැකිය. මෙහි ඇති එක් සුවිශේෂී ඔරු විශේෂයක අනුරුවක් පිළිබඳ මේ ආකාරයේ විස්තරයක් ඇත. මහ ඔරු ලෙසද දක්වා ඇති මෙම යාත්‍රාවන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික ඔරුවල දිගුවක් විය. මෙම යාත්‍රා විශේෂය අතීතයේදී ගැඹුරු මුහුදේ යාත්‍රා කිරීමට භාවිතා කර තිබේ. මෙම යාත්‍රා විශේෂය මගින් රට රටවල් අතර භාණ්ඩ හා මගීන් ප්‍රවාහය කිරීම සිදුව ඇතිබව සඳහන්ය. | කුමන වැඩසටහන මගින් ලැබුණ ආධාර මත සමුද්‍ර කෞතුකාගාරය නැවත ප්‍රතිනිර්මාණය කරන ලද්දේද? | {
"answer_start": [
247
],
"text": [
"නෙදර්ලන්ත – ශ්‍රී ලංකා සහයෝගිතා වැඩසටහනෙන්"
]
} |
799bfb1c-4706-4225-88e4-b83c04db67fb | තරංග හෙළි කළ පෙර භව තොරතුරු පිටුම්පේ විහාරස්ථානයේ වැඩ විසූ ගනීගම පඤ්ඤාසේකර නාහිමියන්ගේ ජීවිත තොරතුරුවලට බෙහෙවින් සමාන බවක් දක්නට ලැබිණි. ඒ පිළිබඳව විමර්ශනය කිරීමට එවකට එහි ශිෂ්‍ය හිමිනමක් වූ මහගම හේමතිලක හිමියෝ ද තරංග බැලීමට ඔහුගේ නිවෙසට වැඩම කළහ. අනතුරුව තරංගට එම විහාරස්ථානයට පැමිණීමට ද අවස්ථාව හිමි විය. දැනට පිටුම්පේ විහාරාධිපති ලෙස කටයුතු කරනු ලබන්නේ හේමතිලක නාහිමියෝය. තරංග දරුවාගේ පුනර්භව සාධකය පිළිබඳ උන්වහන්සේ සිදු කළ විමර්ශනය ගැන පසුගිය දිනෙක විමසීමට අපට හැකි විය. | පිටුම්පේ විහාරස්ථානයේ වැඩ විසූ නාහිමියන්ගේ නම කුමක්ද? | {
"answer_start": [
59
],
"text": [
"ගනීගම පඤ්ඤාසේකර"
]
} |
81a62d28-6d08-4453-ad6d-630c13a0f85f | වර්තමාන සමාජයේ අඩි උස සපත්තුව කාන්තා විලාසිතාවක් බවට පත්වී ඇත්තේය. එසේ වී නමුදු මෙහි මූලාරම්භය පිරිමින් විසින් ආරම්භ කර ඇත. පුරාණ ඊජිප්තුවේ වැසියෝ කකුලට පාවහන් භාවිතා කර නොමැත. එකල වැසියෝ ගමනා ගමනයේ යෙදී ඇත්තේ පාවහන් නොමැතිවය.එම වකවානුවේ ඊජිප්තුවේ වෙළඳාම් කටයුතු වල නිරත මස් වෙළෙන්දෝ බිමට වැටෙන රුධිරය කකුල් වල නොගෑවෙන ලෙස ආරක්ෂා වීම සඳහා ලී වලින් සදා නිම කළ පතුල උස පාවහන් වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදුවී සිටියහ. ඉන්පසු පුරාණ පර්සියා ජාතික අශ්වාරෝහකයෝ අශ්වයන් පිට ගමන් කිරීම සඳහාත් එයින් ආරක්ෂා වීම සඳහාත් පතුල උස සපත්තු භාවිතා කිරීමට පුරුදුව ඇත. ඊට අමතරව පුරාණ ඊජිප්තුවේ ගොඩ නැගුණු පිරමීඩ ආශ්‍රිතව සමහර සොහොන් කොත්හී බිත්ති මත නිර්මාණය කරන ලද රූප අතර පාවහන් සහිත රූප රාමු දැකීමට ලැබීම හා එය අනුකරණය කිරීම තුලින් පුරාණ ඊජිප්තු මස් වෙළෙන්දෝ ප්‍රථමයෙන් අඩිය උස සපත්තු භාවිතය ආරම්භ කර ඇත. | පුරාණ ඊජිප්තුවේ පාවහන් සහිත රූප රාමු දැකීමට ලැබුනේ කොහෙද? | {
"answer_start": [
589
],
"text": [
"පිරමීඩ ආශ්‍රිතව සමහර සොහොන් කොත්හී බිත්ති මත"
]
} |
6890f92c-bc13-409e-a920-18078c8c6add | ශරීර අභ්‍යන්තරයේ බොහෝ අවයව නරක්ව තිබූ අතර පැහැදිලි යමක් හඳුනාගත හැකි වුයේ අක්මාවේ පමණි. එහි දකුණු භාගය පුපුරාගොස් තිබිණ. එහෙත් එය මරණයට පෙර ඇති වූවක්ද නැත්නම් සිරුර උරයක බහා කැලයට ගෙනත් ඒ මත විශාල ගලක් පැටවීම නිසා සිදුවූවක්ද යන්න ගැන බැලූ බැල්මට නිශ්චිතව කිව නොහැකිය. පුපුරා යාමක් දැකිය හැකි වුවත් පටක පරීක්ෂා කර එහි අවස්ථා සම්බන්ධය සෙවීම අසීරු වන තරමටම අක්මාව ද නරක් වී තිබිණ. අක්මාව පිළිබඳ පරීක්ෂණ ද පසෙක තැබූ අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා පෙණහලු පරීක්ෂාවට ලක් කළේය. එයද නරක් වූ තිබූ නමුත් අන්වික්ෂීව පටක පරීක්ෂණයට පටක කොටස් කීපයක් සොයා ගැනීමට ඔහුට හැකි විය. ඒවා වෙන්කර ගෙන අන්වීක්ෂීය පරීක්ෂණයට භාජනය කළේය. ඔහු එම පටක පරීක්ෂාවට ලක් කළේ විශේෂ වර්ණයකින් වර්ණ ගන්වමිනි. ඒ නරක් වූ පටකවල පවතින යම් යම් දැ නිරීක්ෂණය කිරීම පහසුවන පරිදිය. ඔහුගේ ඉලක්කය නිවැරදි දිසාවට යොමුවන බවක් එවිට දැකගත හැකි විය. පෙණහලු පටක වූ සියුම් කේශනාළිකා තුළ සිර වූ අක්මාවේ සියුම් පටක කොටසක් වර්ණ ගැන් වී තිබෙනු දැකිය හැකි විය. අක්මාව මෘදු පටකවලින් සෑදුණු අවයවයකි. උදරයට වැරෙන් පහරක් දුන් විටදී අක්මාව පුපුරා යා හැකිය. ජීවත්ව සිටියදී අක්මාවට වැරෙන් පහරක් එල්ල වූයේ නම් එම පහරින් පුපුරා යන අක්මාවේ කුඩා පටක කැබලි අක්මාවේම රුධිර නාල තුළට ඇතුළු වේ. මේවා රුධිරය තුළට එකතු වී රුධිර නාළ ඔස්සේ ගමන් කර අවසානයේ පිරිසිදු කිරීම සඳහා පෙණහලු කරා ගමන් කරන රුධිරය ලෙස පුප්පුශීය ධමනිය ඔස්සේ පෙණහලුවලට ඇතුල් වේ. මෙහිදී අක්මා පටක පෙණහළු තුළ වූ කුඩා කේෂනාළිකා තුළ සිර වේ. මේවා පියවි ඇසට දැකගත නොහැකි වුවත් අන්වීක්ෂීය පරීක්ෂණයක දී දැකගත හැකිය. ඉහත පරීක්ෂණයේ දී දැකගත හැකි වූයේ එම පටක කොටස්ය. අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා අක්මාව බිඳී ගිය අවස්ථාවේ ඇති කරගත් සැකය, එනම් අක්මාව බිඳී ගියේ මරණයට පෙරද පසුවද යන කාරණාව සම්බන්ධ ගැටලුව දැන් විසඳී තිබේ. ඉහත පරීක්ෂණය අනුව ඇය ජීවත්ව සිටියදී අක්මාව බිඳී ගිය බව දැන් සහතිකය. | දකුණු භාගය පුපුරා ගොස් තිබුයේ කුමන අවයවයේද ? | {
"answer_start": [
74
],
"text": [
"අක්මාවේ"
]
} |
2f01c5db-5de3-4c68-b3e0-27b50979f858 | යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර දුරකතන සංවාදයක් පැවැත්විණි. එහිදී රුසියාවට තව තවත් සම්බාධක පැනැවිය යුතු යැයි යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව රුසියාවේ තෙල් සම්බන්ධයෙන් සම්බාධක පැනැවීම කෙරෙහි ඇමෙරිකන් රජයේ අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධය වාර්තා කරයි. ඒ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළ කරමිණි. මේ අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී යුක්රේනයේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමින්, ඇමෙරිකන් කොංග්රස් මණ්ඩලය ඇමැතීමට ද නියමිතව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. | ඇමෙරිකන් ජනාධිපති කවුද? | {
"answer_start": [
60
],
"text": [
"ජෝ බයිඩන්"
]
} |
32c06463-e957-49b1-bb4d-a68096fa8b6c | විනාඩි 10 යකින් පමණ මිල්ටරි ජීප් එක ආවා. ඉන්පසු අපිව සෝදිසි කරල කිව්ව පාර අයිනේ තිබෙන ගල්පොත්තට නගින්න කියා. අපි නැග්ගා. පස්සේ පොලිස් නිලධාරියයි, මිල්ටරියේ නිලධාරී අපිට ගැහැව්වා. ඊළඟ උසස් නිලධාරියයි, මිල්ටරි සාජන්ට් මේජර් කෙනෙකුයි කීවා තොපිට දැනුත් ගහනවා කාගෙන හිටපියව් කියලා. අපිට බැටන් පොලු වලිනුයි කෙටේරි මිටි වලිනුයි ගැහැව්වා. ඊළඟට උසස් නිලධාරියෙක් අපිට ගහමින් කිව්වා දුවපියව් පාරට කියා. අපි දිව්වා. ඒ එක්කම ඔහු නියම කළා වෙඩි තියන්න. යුද්ධ භටයෝ වෙඩි තියන්නේ තුන් පාරක් කීවට පස්සෙ. වෙඩි තියන කොටම අපි පාරේ බුදියගත්තා. එකොළොස් දෙනෙක් මළා. සමහරු වෙඩි කාගෙන කැලේට දිව්වා. ඊට පස්සේ අපට අපි පාරේ බුදිය ගෙන ඉන්න කොට අපේ ඇඟ උඩින් යන ගමන් අපට බයිනෙත්තු මිටිවලින් ගැහැව්වා. ඊට පස්සේ අපට කතා කරල තොපි දහය දහය පෙළ ගස්වා වෙඩි තියන්න වරෙල්ලා කීවා. | නිලධාරීන් පහර දීම සදහා භාවිතා කරේ මොනවාද? | {
"answer_start": [
282
],
"text": [
"බැටන් පොලු වලිනුයි කෙටේරි මිටි"
]
} |
77c116e3-b162-4faf-a0eb-fdad6caeedf3 | සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ ධර්මපාලතුමා අපවත්වූවේ 1933 වර්ෂයේ. උන් වහන්සේට කෘතගුණ දැක්වීම සඳහා ස්මාරකයක් හදලා තිබෙනවා. ඒ වගේම වාර්ෂිකව එතුමා සිහිකරලා ආගමික වැඩසටහන් කීපයක්ම කරනවා. ඒ වගේම මෙහි අනගාරික ධර්මපාලතුමාගේ කෞතුකාගාරයකුත් තිබෙනවා. මේ දේවල් වන්දනාවේ යන අයට දැකලා වැඳපුදා ගන්න පුළුවන්. එංගලන්තයේ මහ රැජිනගේ සිට එන සියලුම දෙනා ධර්මපාලතුමා කරවූ නව මූලගන්ධ කුටි විහාරයට ගොස් වන්දනා කටයුතු කරනවා. එය අපට ලොකු ගෞරවයක්. තාමත් බරණැස් රජ්ජුරුවන්ගේ පරම්පරාවේ අය ඉන්දියාවේ ඉන්නවා. ඒ අය වාර්ෂික පෙරහරවලට අලි ඇතුන් ලබාදීම ආදී නොයෙකුත් අනුග්‍රහ කටයුතු දක්වමින් පූජාකර්මවලට දායක වෙනවා. ඒ වගේම දේශපාලන බලඅධිකාරිය මීට අනුග්‍රහය ලබාදෙනවා. | උන් වහන්සේට කෘතගුණ දැක්වීම සඳහා නිර්මාණය කර තිබෙන්නේ කුමක්ද? | {
"answer_start": [
105
],
"text": [
"ස්මාරකයක්"
]
} |
0108bb06-9bd3-4342-9ca3-1c2a9583cf6e | බ්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා ලෝකයේ එතෙක් මෙතෙක් සිටි අති සාර්ථකම නිරූපණ ශිල්පිනියක ලෙස සැලකේ. 2015 වසරේදී විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ්‍රාම ගත් ජිසෙල්ගේ වයස අවුරුදු 40ට ආසන්නය. නමුත් සුවඳ විලවුන්, පාවහන් හා ඇගේ උපන් රට වන බ්‍රසීලයේ ආභරණ සමාගම් සමඟ පවතින ගිවිසුම් නිසා මිලියන ගණනින් මුදල් උපයන්නීය. දශක දෙකකටත් වඩා දිගු ඇගේ වෘත්තීය ජීවිතයේදී වෝග්, එල් හා හාපර්ස් බසාර් වැනි විලාසිතා සඟරාවල කවරයේ ඡායාරූප 1200කටත් වඩා පෙනී සිට ඇත. ජිසෙල් ටයිම්, ෆෝබ්ස්, රෝලින් ස්ටෝන් වැනි ලොව සුප්‍රකට සඟරාවලත් පෙනී සිටියාය. ඇගේ වෘත්තීය ගමන් මග කොතෙක් සාර්ථක වීද යත්, ඇගේ සාර්ථකත්වය නිර්වචනය කිරීමට සුපිරි යන වචනය ප්‍රමාණවත් නොවී, සුපිරිවලටත් වඩා සුපිරි යන තේරුම ඇති උබර් මොඩල් යනුවෙන් යෙදුමක් පවා බිහිවිය. නීරෝගී හා වටකුරු සිරුරකින් මෙන්ම රන්පැහැ සමෙන් යුතු වූ ඈ 90 ගණන් හා 2000 ගණන්වල පැවති ඒකාකාරී විලාසිතා රාමු බිඳිමින් විලාසිතා ලෝකයට නව පෙනුමක් එකතු කළාය. ඇය වෘත්තීයත්වයෙන් ඉහළ, දැඩි කැපවීමකින් හා ප්‍රබෝධමත් බවකින් යුතුව කටයුතු කරන්නියක් බව ක්ෂේත්රයේ කවුරුත් දන්නා කරුණුය. | බ්‍රසීලියානු ජාතික ජිසෙල් විලාසිතා දැක්මවල නිරූපණයෙන් විශ්‍රාම ගත්තේ කුමන වර්ෂයේද? | {
"answer_start": [
101
],
"text": [
"2015"
]
} |
f2db2022-2618-4e86-a694-e1dcb6ecbb6d | ඒ ඩිංගි බෝට්ටුවේ සෞදි ජාතිකයන් හත් දෙනකු සහ කාන්තාවෝ දෙදෙනකු ඇවිත් තියෙනවා. බෝට්ටුව පෙරළුණාට පසු එක ගැහැනු ළමයෙක් කොහොම හරි එගොඩ පිහිටි ගලක් අල්ලගෙන බදාගෙන සිටියා. සීතලේ ඇය ගැහෙනවා. එතැනට ගිය කිහිප දෙනෙක් ගෙනෙන්න උත්සාහ කළත් ඇය කැමති වෙලා නැහැ. පස්සේ මමත් එතැනට පිහිනා ගියා. ඇයට තරමක් දුරට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුඵවන්. මම ඇයට මෙහි ඇති භයානක තත්ත්වය ගැන පැහැදිලි කළා. එවිට ඇය කියනවා, හෙලිකොප්ටර් එකක් ගෙනත් දෙන්න කියා. ඒ සඳහා පැය දෙක තුනක්වත් යන බව මම කීවා. මුස්ලිම් කාන්තාවක් නිසා ඇඟට අත තියන්න එපා කියනවා. අත තියන්නේ නැතිව ඇය රැගෙන මෙගොඩට පිහිනා එන්න බැහැ. පැයකට ආසන්න වේලාවක් පැහැදිලි කර අවසානයේ ඇය කරේ තියාගෙන පිහිනා ආවා. එක වරෙක අපි දෙන්නම ගිලුණා. | බෝට්ටුව පෙරළුණාට පසු එගොඩ පිහිටි ගලක් අල්ලගෙන බදාගෙන සිටියේ කවුද ? | {
"answer_start": [
97
],
"text": [
"එක ගැහැනු ළමයෙක්"
]
} |
6e88135c-9b1a-4120-9b9b-b083113025f0 | ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ සිටින, දරු දෙදෙනෙකුගේ මවක වන 26 හැවිරිදි සොනාල්, දෙවන වරටත් විදෙස් යුවළකට දරුවෙකු ලබාදීමට සූදානමින් සිටින්නියකි. ඇයගේ අපේක්ෂාව නම් එළවළු වෙළෙන්දෙකු වන සිය සැමියා හා දරු දෙදෙනා සමඟ පහසුකම් සහිත නිවසක හොඳින් ජීවත්වෙමින්, දරුවන්ටද හොඳින් ඉගැන්වීමය. දරුවෙක් ලබාදීම වෙනුවෙන් ඇයට ඇමරිකානු ඩොලර් 6800ක මුදලක් ලැබේ. ඇය දරුවා ලබාදෙන්නේ දරුවන් ලැබීමට හැකියාවක් නොමැති අයර්ලන්ත යුවළකටය. ප්‍රසිද්ධියේ එහෙත් අප්රසිද්ධියේ මෙතෙක් කල් පැවති මෙම දරු ජාවාරම් ගැන හෙළිවූයේ නේපාලයේ භූමිකම්පාවක් ඇති වූ අවස්ථාවක, ඊශ්‍රායලයේ සිට බිළිඳුන් බේරාගැනීමට වෛද්‍යාධාර රැගත් ගුවන් යානා නේපාලයට පැමිණීමත් සමඟිනි. | සොනාල්ගේ වයස කීයද | {
"answer_start": [
58
],
"text": [
"26"
]
} |
5f72da3d-2379-4939-b660-cac8924eaa96 | සී.ඩබ්.ඩබ්. කන්නන්දර මැතිඳුන්ගේ සැලසුම් අනුව ආරම්භ කරන ලද දිවයිනේ 54 වන මධ්‍ය විද්‍යාලය කුලියාපිටිය නාගරික කලබලකාරී පරිසරයෙන් බැහැර නිසංසල අක්කර 10 ක භූමි භාගයක ඉදිකරන ලද දැවැන්ත ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත විය. විදුහලේ ප්‍රධාන ශාලාව ඉදිරියෙන්ම දිස්වන අතර ශාලාව ඉදිරියෙන් අක්කරයක පමණ භූමි භාගයක ක්‍රීඩා පිටිය සකස් කර ඇත. ක්‍රීඩා භූමිය දෙපස බාලක හා බාලිකා නේවාසිකාගාර දෙක සමමිතිකව පිහිටා ඇත. විදුහලට ඇතුළුවීමට හා පිටවීමට ගේට්ටු දෙකක් වන අතර එම දොරටුවලින් ඇතුළු වීම සඳහා වූ මාර්ගය ක්‍රීඩා පිටිය වටා මැනවින් නිර්මාණය කර ඇත්තේ විදුහලේ ප්‍රධාන ශාලාවට ඇතුළු වීමට පහසුවන ආකාරයටය. | පාසලේ ක්‍රීඩා භූමිය දෙපස සමමිතිකව පිහිටා ඇති ගොඩනැගිලි වන්නේ මොනවාද? | {
"answer_start": [
342
],
"text": [
"බාලක හා බාලිකා නේවාසිකාගාර"
]
} |
fca82dba-a47d-4db4-9313-c2a1794a7152 | ඕස්ට්‍රේලියාවේ විශේෂ බලකායක සෙබලුන් පිරිසක් විසින් නිරායුධ සිරකරුවන් සහ සිවිල් වැසියන් 39 දෙනකු ඇෆ්ගනිස්ථානයේදී ඝාතනය කළ බවට විශේෂ විමර්ෂණයකින් හෙළිවී ඇතැයි වාර්තා වේ. මොවුන් 39 දෙනා ඝාතනය කිරීමේ චෝදනාව මත මේ වනවිට සේවයේ නියුතු සහ හිටපු සොල්දාදුවන් 19 දෙනකුට අපරාධ චෝදනා ගොනු කරන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කරයි. ඕස්ට්‍රේලියානු ආරක්ෂක බලකාය විසින් අවුරුදු හතරක් පුරා සිදුකරන ලද පරීක්ෂණයකින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙම පරීක්ෂණය මෙහෙයවන ලද මේජර් ජනරාල් පෝල් බ්රෙරෙටන් විසින් සිද්ධිය සම්බන්දව සාක්ෂිකරුවන් 400කට වැඩි පිරිසක් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ. | මෙම පරීක්ෂණය සිදු කලේ කව්ද | {
"answer_start": [
450
],
"text": [
"මේජර් ජනරාල් පෝල් බ්රෙරෙටන්"
]
} |
3bbefca1-4ee9-4d25-992a-22d3f3b79300 | විවාහය සිදුවන කාලය, විවාහ මංගල යෝග උදාවන කාලය, ප්‍රේම සබඳතා මත හෝ යෝජනා මගින් හෝ විවාහය සිදුවන කාලය ජන්ම පත්‍රයෙන් දැනගත හැකිවෙයි. කේන්ද්‍ර සටහනේ සඳු, කුජ, සිකුරු යන ග්‍රහයින් තිදෙනාගේ තත්ත්වය අනුව විවාහය ඉක්මන් විය හැකිය. 07 වැන්න විවාහය පිළිබඳ ස්ථානය වන අතර, 02 වැන්න සහ 11 වැන්නද විවාහයට බලපායි. විශේෂයෙන් කුජ, සිකුරු, සඳු, ගුරු බලවත්ව කේන්ද්‍ර සටහනේ යෙදී ඇත්නම් නිසි කල විවාහයට ඇතුළත් වෙයි. මෙම ග්‍රහයින් දුබලව සිටීමෙන් විවාහය කල්ගත වීමට පුළුවන. සිකුරුට වෘෂභ- තුලා මීන යන රාශීන්, කුජට මේෂ - වෘශ්චික, මකර යන රාශීන් සඳුට කටක, වෘෂභ රාශි දෙකත්, ගුරුට මීන - ධනු කටක රාශීන් බලවත් වෙයි. | විවාහය ඉක්මන් විය හැක්කේ කුමන ග්‍රහයන් අනුවද? | {
"answer_start": [
147
],
"text": [
"සඳු, කුජ, සිකුරු"
]
} |
09d4fe8e-434b-4b86-942c-0fb82ae17fd6 | තාත්තගෙ උපහාර උත්සවයකට අක්ක ලියූ උපහාර ගීයක් ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කරලා ලක්ෂ්මන් විජේසේකර ගායනා කරලත් තියෙනවා. තාත්තා අපි කැමති දේ හඳුනාගෙන ඒ මාර්ගයේ යන්න අපට පහසුකම් සම්පාදනය කර දුන්නා මිසක් අපට බලපෑම් කළේ නෑ. ඔහු වෙලාවට වැඩ කළ කෙනෙක්. අපටත් ඒක පුරුදු කරලා තිබුණා. තාත්තට කේන්ති යන දෙයක් තමා වෙලාව නොසලකා හැරීම. පන්ති ගියාම වුණත් වෙලාවට ගෙදර එන්න ඕන. අපි ඉස්කෝලෙ ගිහින් හරි ගෙදර එන්න ප්‍රමාද වුණොත් තාත්තාට ඉවසිල්ලක් නෑ. ඉස්තෝප්පුවේ ඉඳලා ගේට්ටුව ළඟටයි, ගේට්ටුවේ ඉඳලා ඉස්තෝප්පුවටයි අපි එනකල්ම ඇවිද ඇවිද ඉන්නවාලු. | අක්කා උපහාර ගීය ලියන ලද්දේ කුමක් සදහාද? | {
"answer_start": [
0
],
"text": [
"තාත්තගෙ උපහාර උත්සවයකට"
]
} |
288976de-8c6c-4be8-9c65-13521d5d32e3 | ජනාධිපති අපේක්ෂකයා ඝාතනය කිරීමට සූදානමක් තිබී ඇති බව කියන්නේ කොස්ගොඩ සුජී නමැත්තා ඔවුන් එක්ක තිබූ බද්ධ වෛරයක් පිරිමැසීමට බවද පැවසේ. මොහු තවත් ඝාතන ගණනාවකට සම්බන්ධබවට තොරතුරු ලැබී තිබෙන නිසා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වති. ඝාතන සඳහා යොදා ගත් අවි ආයුධ සොයා ගැනීමට ද පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. සාමාන්‍ය සෙබළෙකු ලෙස යුද හමුදාවට බැඳී ඇති ඔහු හමුදාවෙන් පලා යන කාලයේ කෝප්රල් නිලයට උසස් වීම් ලබා සිටියේය. යුද හමුදාවේ සේවය කරන ඒ කාලය තුළ ඔහු විශේෂ පාඨමාලා 10ක් පමණ හදාරා තිබේ. මෙයින් එක් පාඨමාලාවක් හදාරා ඇත්තේ ඉන්දියාවේදීය. | යුද හමුදාවේ සේවය කරන කාලයේ ඔහු හැදෑරූ පාඨමාලා ගනන කොපමණද? | {
"answer_start": [
485
],
"text": [
"10ක්"
]
} |
6c1d8733-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකාවලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී තිබේ. පිරිවැය අඩු, අභ්‍යාවකාශය පදනම් කරගත් ජංගම දුරකතන සේවා සැපයීම ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත් කරගැනීමට ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ‘නැනෝ චන්ද්‍රිකා’ ක්‍රමවේදය ඔස්සේ හැකියාව ලැබෙනු ඇතැයි බොහෝ පිරිස් විශ්වාසය පළ කරති. ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගම මේ වනවිටත් ‘නැනෝ චන්ද්‍රිකා’ සමූහයක් අභ්‍යාවකාශයට යවා තිබේ. ඔබ ගන්නා දුරකතන ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් සහිත සංඥා එක් නැනෝ චන්ද්‍රිකාවකට යන අතර එය ඊළඟ නැනෝ චන්ද්‍රිකාවට යවයි. එයින් පසු අදාළ පුද්ගලයාට ඔබ ගන්නා දුරකතන ඇමතුම හෝ කෙටි පණිවිඩය ලැබෙයි. “පෘථවියේ ඡායාරූප ගැනීම සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ භාවිත කිරීම ගැන අපි හිත හිතා හිටියා. එහෙත් දුරකතන හා කෙටි පණිවිඩ සන්නිවේදනය සඳහා ‘නැනෝ චන්ද්‍රිකා’ යොදා ගැනීමට හැකි වේවි යැයි අපි කවුරුවත් හිතුවේ නැහැ. එහෙත් අපට එය කිරීමට හැකියාව ලැබුණා. එය කළ පළමු කණ්ඩායම අපි යැයි ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මයර් මෝලම් පැවසීය. වසර 2020 දී මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වීමට නියමිත අතර නිරක්ෂ ආසන්න කලාප ඉලක්ක කරගනිමින් කෙටි පණිවිඩ, හඬ සහ දත්ත හුවමාරු කිරීමේ සේවා ලබාදීමට නියමිතය. මුල් අදියරේදී ලතින් ඇමෙරිකානු සහ අප්‍රිකානු රටවල් ආවරණය වන අතර බිලියන තුනක පමණ ජනගහනයකට සේවා සැපයීමට නියමිතය. “දැරිය හැකි ජංගම දුරකතන සේවා ලබාදීම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහ සමාජ සංවර්ධනයට ඉතා වැදගත්” යැයි මෝලම් කීය. “අපේ ව්‍යාපෘතියට එක්සත් ජනපද ඩොලර් මිලියන 150කට ආසන්න මුදලක් යනවා. එය එක් සම්මත සන්නිවේදන චන්ද්‍රිකාවක් සඳහා වැයවන මුදලට වඩා ඉතා අඩු මුදලක්. පිරිවැය අඩුයි වගේම තාක්ෂණය ඉහළයි. මේ ක්‍රමවේදය ඔස්සේ අවම බාධා යටතේ අපට සන්නිවේදන කටයුතුවල යෙදෙන්න පුළුවන්” මෝලම් තවදුරටත් කීවේය. | ‘ස්කයි ඇන්ඞ් ස්පේස් ග්ලෝබල්’ ප්‍රධාන විධායක කවුරුද? | {
"answer_start": [
1105
],
"text": [
"මයර් මෝලම්"
]
} |
7f5e0fbf-91b1-4a39-a829-8f4640926f8e | පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බවයි. තන්තුමය ස්වරූපයෙන් නිමවී තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි යැයි ද ඔහු පවසයි. නෞකාවේ දැවමය කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි වූ බව ද මුතුකුමාරණ මහතා පවසයි. ඒවායේ ඇණ ගැසූ බවට සිතිය හැකි සිදුරු තිබෙන අතර තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමුවී ඇත. නැවේ දැව කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තඹ තහඩු භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ තඹ කොටස් විඛාධනය වී කොපර් කාබනේට් බැඳී ඇති බැවින් ඒවා කොළ පැහැයෙන් දිස්වේ. | රැහැන් නිමවී තිබුණේ කුමන ස්වරූපයෙන් ද? | {
"answer_start": [
112
],
"text": [
"තන්තුමය ස්වරූපයෙන්"
]
} |
ff21691d-82b6-4ea1-b2f8-590b0c4f1b84 | ක්‍රීඩා විචාරකයන් ඔහු හැඳින්වූයේ නව පන්දුවෙන් උපරිම ඵල නෙළාගන්නා ලෙසිනි. පන්දුවේ දෝලනය මනාව පවත්වාගෙන පන්දු යැවීමේ දක්ෂයකු වූ ඔහු, දක්ෂතම වේගපන්දු යවන්නන් වූ ඩෙනිස් ලිලී, ඉම්රාන් කාන්, ඇන්ඩි රොබට්ස්, මයිකල් හෝල්ඩිං, ජොයෙල් ගානර්, කපිල් දේව්, වසීම් අක්රම්, මැල්කම් මාෂල් වැනි සමකාලීනයන් අතර කැපී පෙනුණු චරිතයක් විය. මෙම විශිෂ්ට ක්‍රීඩකයා නවසීලන්තයේ ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිය. එවක ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයන් සිටියේ සිව් දෙනකු පමණි. ඒ ඉම්රාන් කාන්, කපිල් දේව්, ඉයන් බොතම් සහ රිචඩ් හැඩ්ලිය. | ඉම්රාන් කාන්, කපිල් දේව්, ඉයන් බොතම් සහ රිචඩ් හැඩ්ලි යනු කවුද? | {
"answer_start": [
376
],
"text": [
"ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ක්‍රීඩකයන්"
]
} |
eaaeba73-89dc-4cc5-901a-ea7729d06f69 | රටේරාල මුත්තා හරියට කේන්ති යන කෙනෙක්. එයා එක පාරටම කියල තියෙනව ගෙරිමස් කන උන්ගේ අත උඩ මගේ අත තියන්නෙ නැහැ බොලව්. මැරුම් නොකා වහාම පලයල්ලා කියල තර්ජනය කරනකොට විල්සන් මහත්තයා, එහෙනම් ලේන්සුවට උඩින් අත තියන්න කියල ලේන්සුව උඩට ගන්නකොටම අපේ අයට තේරිලා තියෙනවා, මේ කරන්නේ කලින් දවසේ වගේම ලේන්සුව වනලා තම හමුදාවට සංඥාවක් දෙනව කියල. විල්සන් මහත්තයගෙ භට කණ්ඩායම ක්‍රියාත්මක වෙන්න කලින් රටේරාල මුත්තාගේ මල්ලී වන ගං ඇති රාල මුත්තා එසැණින් හීසැරයක් යවල තියෙනවා. විල්සන් මහත්තය හීසැරය වැදිල එතැනම වැටිල තියෙනවා. මෙතැන කොහුකූඹුරේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල, කුඩා බදුලුගමේ රටේරාල යන අයත් ඉදල තියෙනවා යැයි ද ඔහු කීවේය. | වීල්සන් මහත්තය හීසැරය වැදිල මියයන විට් එතැන සිටි අනිත් අය කව්ද? | {
"answer_start": [
505
],
"text": [
"කොහුකූඹුරේ රටේ රාල, කිවුලේගෙදර මොහොට්ටාල, කුඩා බදුලුගමේ රටේරාල"
]
} |
0110574e-7deb-4920-904c-b5128ed24c43 | මහේෂ් භාත් විසින් පළමුවෙන් නිර්මාණය කරන ලද ආර්ත් චිත්‍රපටිය අලුත් නිර්මාණයක් ලෙසින් නිෂ්පාදනය කරන්නට අජේ කපූර් සහ ශරත්චන්ද්‍ර සුදානම් වෙති. මෙහි කුල්භූෂණ් කර්බන්දාගේ චරිතය රඟ පාන්නට තෝරාගෙන ඇත්තේ බොබී ඩියෝල්ය. ක්ෂේත්රයේ එහෙම කතාවක් පැතිරිලා තියෙනවා තමයි, ඒත් මම තවම ගිවිසුම් අත්සන් කරලා නෑ, බොබී ප්‍රකාශ කර තිබිණි. මෙහි ප්‍රධාන කාන්තා චරිත සඳහා යෝජනා වී ඇත්තේ ස්වාරා භාස්කර් සහ ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ය. එහෙත් තවමත් ඔවුන් දෙදෙනා අතරින් කෙනෙකු ස්ථිර කරගෙන නැත. නිෂ්පාදකයන් විසින් මුලින්ම තෝරා ගනු ලැබ තිබුණේ තාප්සී පන්නුය. එහෙත් කාර්යබහුල බව කියමින් ඇය ආරාධනාව ප්‍රතික්ෂේප කළාය. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ එහි මලයාලම් නිෂ්පාදනයේ ෂබානා අස්මිගේ චරිතය රඟ පෑ රේවතීය. ඉතින් මේ නිෂ්පාදනයේත් ඔබටම රඟ පාන්න තිබ්බනෙ, ඇයි වෙන නිළියෝ හොයන්නෙ? මාධ්‍යවේදියෙකු ඇගෙන් විමසුවේය. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙ මම, ඒ හින්දා මට රඟ පාන්න අමාරුයි, දෙකම කරන්න ගියොත් දෙකෙන් එකක්වත් හරියට කරන්න වෙන්නෙ නෑ., රේවතී පැවසුවාය. ඔබ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනවට මහේෂ් භාත් කැමති වුණා ද? ඔහු නැවතත් ඇසීය. ඔව් මම ඔහු එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණය ගත්තෙ, ඇය පැවසුවාය. | නිෂ්පාදකයන් විසින් ප්‍රධාන කාන්තා චරිතය සඳහා මුලින්ම තෝරා ගනු ලැබ තිබුණේ කවුරුන්වද? | {
"answer_start": [
505
],
"text": [
"තාප්සී පන්නුය"
]
} |
f5e6dde2-dafb-4d9c-81be-bcb9eb830b0c | වෙස් මුහුණු කලාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මහා සම්මත රජුගේ බිසවට නාට්‍ය දැක සිනාසීමට දොළ දුකක් ඇති වී එය සංසිඳවීම සඳහා වෙස් මුහුණු නිර්මාණය කළ බව පැරණි පොත පතේ සඳහන් වේ. මෙම වෙස් මුහුණු ශක්‍ර දේවේන්ද්‍රයා විසින් විශ්වකර්මයා ලවා කරවූ බව ද එහි සඳහන් ය. වෙස් මුහුණු, රාම-රාවණා යුද්ධයේ දී ද භාවිත කළ බව සඳහන්ය. මෙම යුද්ධයේ දී නාගරාක්ෂ මුහුණු හා ගුරුළු මුහුණු භාවිතකර තිබේ. ගෝත්‍රික යුද්ධ පිටියේ දී සතුරන් බිය වැද්දීම සඳහා වෙස් මුහුණු යොදාගෙන තිබෙන බවත් එහිදී යුද්ධයට එන්නේ මිනිසුන් නොව භයානක සතුන් විශේෂයක් බවට සතුරන් සිතා බිය වී තිබෙන බවත් සඳහන් ය. | රාම-රාවණා යුද්ධයේදී භාවිතා කළ මුහුණු මොනවාද? | {
"answer_start": [
319
],
"text": [
"නාගරාක්ෂ මුහුණු හා ගුරුළු මුහුණු"
]
} |
d433332b-77cd-4fd0-86e3-285f0663015c | සති තුනක් පමණ යන විට අදාළ පවුලේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර උන්හිටි ගමන් විරසකයක් ඇතිවිය. සුළු වරදකටත් කිසිදා නොවූ පරිදි බිරිඳ ස්වාමියාට බැණ වදින්නට පටන් ගත්තේය. ගෘහ මූලික ස්වාමිපුරුෂයා ඉතාම ඉවසීමෙන් යුක්තව ක්‍රියා කළත් පලක් නොවූ අතර පිටස්තර අයටද පසුව මේ කලබැගෑනි ගැන අසන්නට ලැබිණි. දරුවන්ට ගෙදර අපායක් විය. අවසානයේ ස්වාමිපුරුෂයා ගමේ පන්සලේ නාහිමියන්ගේ පිහිට පැතීය. උගත් සිල්වත් මහතෙර නමක වූ උන්වහන්සේ මේ වැදගත් දැහැමි පවුලේ අවුල ගැන මහත් කම්පාවට පත්ව තෙරුවන් ගුණ සහ ධර්ම ශක්තියේ බලය ගැන කියා අනුශාසනා කොට උපදෙසක් ලබා දුන්නේය. දෙවිනුවර පුදබිමට ගොස් බෞද්ධාගමික වතාවත් කොට දෙවියන්ට, මළගිය ඥාතීන්ට පින්දී ඉතා ප්‍රබල ලෙස මෛත්‍රී භාවනාව කරන්නටත් නිවසේදී බිරිඳ අරමුණුකොට මෛත්‍රිය පතුරුවන ලෙසත් කියා සිටියේය. මේ උගත් ප්‍රතිපත්තිගරුක මහතා නාහිමියන් පැවසූ ආකාරයටත් වඩා හොඳින් ඒ දහම් පිළිවෙත ඉවසීමෙන් යුතුව අධිෂ්ඨානශීලීව කරගෙන ගියා පමණක් නොව තම පංචශීල ප්‍රතිපත්තිය සිහිපත් කරමින් සත්‍ය ක්‍රියා කරන්නටද විය. ටිකෙන් ටික තරහ වාද භේද අඩු කෙරෙමින් අමනුෂ්‍ය බලය යටපත් කරගෙන ධර්මයේ අසහාය ශක්තිය ක්‍රියාත්මක විය. පින් කැමැති සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ අණසක සනිටුහන් කරමින් පවිටු පුද්ගලයන් දෙදෙනා පසුපස හඹා යන බලවේගයක් පැන නැගිණි. | ගෙදර අපායක් වූයේ කාටද? | {
"answer_start": [
283
],
"text": [
"දරුවන්ට"
]
} |
9052fb4e-5f03-483f-bded-73cc6ca99432 | දැන් මෙතන දේවාල සියල්ලක්ම වාගේ තිබෙනවා. නමුත් සූනියම් දෙවියන් තමයි ප්‍රධාන. ඒ හැම දේවාලයකම කපු මහත්වරු ඉතා භක්තියෙන් තමයි පුද පූජා පවත්වන්නේ. ඇත්තටම දෙවියන්ගෙන් පිහිටක් ලැබෙනවාද? එහෙම ලැබෙන නිසයි නේ මේ තරම් ජනතාවක් දේවාලයට පැමිණෙන්නේ. බොහෝ දෙනෙකුට දවසක් දෙකක් යනකොට සිය කාරණය ඉෂ්ට වෙනවා. තවත් අයකුට දින කිහිපයක් යනවා. ඒකට හේතුවක් තියනවා. මම පැහැදිලි කරන්නම්. සූනියම් දෙවියෝ එක අවස්තාවක දේවතාවක් වගේම තවත් අවස්ථාවක යක්ෂයෙක් ලෙසයි පෙනී සිටින්නේ. දේව හා යක්ෂ සංකලනය වූ එකම දේවතාවා තමයි සූනියම් දෙවියෝ. ඉතින් ඒ යක්ෂ අවතාරය ගාව ඉන්නවා ප්‍රේත, යක්ෂ, කුම්භාණ්ඩ කියන බොහෝ පිරිසක්. ඒ ගොල්ලා සමහර උදවියගේ ඥාති හිත මිත්‍රාදීන්. ඒ යක්ෂ අවතාරය ගාව ආවතේව කරන පිරිස. ඉතින් ඒ ඥාතියකුගේ කෙනෙකු යම් කිසි දුක් ගැනවිල්ලක් කියපුවාම ඉස්සෙල්ලාම ඉදිරිපත් වෙන්නේ අර බැල මෙහෙවර කරන ඥාතී පෙරේතයා හෝ කුම්භාණ්ඩයා. ඉතින් එහෙම උණාම ඔවුන්ගේ කාරණය ඉක්මණින්ම ඉටු කරලා දෙනවා. ඒකයි සමහර අයගේ කරුණු කාරණා ඉක්මණින් සිදුවෙන්නේ. | දේව හා යක්ෂ කංකලනය වූ එකම දේවතාවා කවුරුන්ද? | {
"answer_start": [
483
],
"text": [
"සූනියම් දෙවියෝ"
]
} |
5be6c0c6-1d77-4850-9a2c-be27933e379e | පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ නැගෙනහිර දිශාවට වන්නට රැහැන් වැනි කොටස් ගණනාවක් හඳුනාගත හැකි වූ බවයි. තන්තුමය ස්වරූපයෙන් නිමවී තිබූ ඒවා නැවේ භාවිත කළ ලෝහමය කේබල් විය හැකි යැයි ද ඔහු පවසයි. නෞකාවේ දැවමය කොටස් අතර තඹ මිශ්‍රිත ලෝහ තහඩු කොටස් දැකිය හැකි වූ බව ද මුතුකුමාරණ මහතා පවසයි. ඒවායේ ඇණ ගැසූ බවට සිතිය හැකි සිදුරු තිබෙන අතර තඹ ඇණ මගින් සම්බන්ධ වූ ලී කොටස් ද හමුවී ඇත. නැවේ දැව කොටස් එකිනෙක සම්බන්ධ කිරීම සඳහා තඹ තහඩු භාවිතා කරන්නට ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ අදහසයි. මේ තඹ කොටස් විඛාධනය වී කොපර් කාබනේට් බැඳී ඇති බැවින් ඒවා කොළ පැහැයෙන් දිස්වේ. | තඹ කොටස් විඛාදනය වී බැඳී තිබුණේ මොනවාද? | {
"answer_start": [
500
],
"text": [
"කොපර් කාබනේට්"
]
} |
c7505549-d63e-4d95-b945-dc0cfd0f6ac6 | මෙහිදී සිදුවනුයේ පොල් ගෙඩිය ගසන වේගය මත කෑලි කෑලිවලට කැඩී යාමයි. පොල් ගෙඩිය ගසන වේගය අනුව ගලේ වැදීම නිසා පොල් ගෙඩිය බිඳී යයි. අප දන්නා ඊළඟ කරුණ නම්, අපට පොල් ආහාර ලෙස ලබා ගැනීමේ අවශ්‍යතාව මත පොල් ගෙඩිය ලොකු පිහියකින් ගසා බිඳීම. මෙහිදී ලොකු පිහිය හෝ කැත්ත මඟින් ගසන පහරේ වේගය මත පොල් ගෙඩිය බිඳීයාම සිදුවේ. මෙලෙස පොල් බිඳින්නා වූ ආකාරයටම යමෙකුට පිහියක්, කැත්තක් වැනි භෞතික උපකරණයක් භාවිත නොකර තමාගේ අතින් පමණක් ගසා පොල් ගෙඩියක් දෙපළු කළ හැකි යැයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු නියතය. මිට මොළවා අතින් ගසා පොල් බිඳින, තැඹිලි ගෙඩි බිඳින මහා බලගතු අරුම පුදුම කපු මහතකු සොයා ගිය ගමනක කතාව මෙසේය. | පොල් ගෙඩිය කෑලි වලට වෙන්වන්නේ කුමක් මතද | {
"answer_start": [
17
],
"text": [
"පොල් ගෙඩිය ගසන වේගය මත"
]
} |
61ef9f01-a35d-40a6-ab0b-7da7e091c159 | වේදනාව ගෙන දෙන රත්පිත්, රක්තවාත රෝග ස්වභාවයෙන්ම රවි ශනි යෝග වීමට බලපායි. ශනි සියලු වාතබාධ බව අපි දනිමු. ශනි සඳු සමග සිටි විට මිනිස් සිරුරේ තෙත් ගතිය නොහොත් සෙම් ගතිය අධික වීමෙන් විවිධ අසනීප ගෙන දෙනු ඇත. මානව ජන්මීන්ට සකල විධි සෙම් රෝගයන් ඇති කර දෙන්නේ ශුක්‍රත් සඳුත්ය. ඒ අනුව සෙම් ගෙඩි, මස් දලු, ගෙල මහත්වීම යනාදී යන සෑම රෝගයකටම මූලිකත්වය ගන්නේ ඒ දෙපළය. ජන්ම කේන්දරයේ 2/6/8 හෝ 12 යන කිනම් භාවයක සිකුරුත් සඳුත් යෝග වී ඇත්නම් ඉහත කී කරදර ගෙන දෙනු ඇත. දිගු කලක් ඇතිවන රෝගවලට ශනිගේ බලපෑමක් ඇතිවන බව අනාවරණය වෙයි. පිළිකා දියවැඩියා හෝ අත් පා කොරවීම් වැනි ව්යාදීන්වලට හේතුව ශනි සෙසු ග්‍රහයන් සමග එකතු වීම බව අප දත යුතුය. චන්ද්‍රයාත් බුධත් ලග්නාධිපති සමග 6යේ යෝගීව සිටියි නම් චර්ම යෝග ඇති වෙයි. එනම් දද/හොරි කුෂ්ඨ වෙයි. | ශනි සඳු සමග සිටි විට මිනිස් සිරුරේ අධික වන්නේ කුමක්ද? | {
"answer_start": [
139
],
"text": [
"තෙත් ගතිය නොහොත් සෙම් ගතිය"
]
} |
8ec0081c-3653-445b-ae1b-4732fd7c8c7c | සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන්ගේ ඛාන්ගේ සොහොයුරෙකු වන සොහෙල් ඛාන් හා සීමා ඛාන් අතර පැවති වසර 24ක විවාහ ජිවිතය පසුගියදා දික් කසාදයකින් අවසන් වූ බව වාර්තා වෙයි. දරුවන් දෙදෙනෙකුගේ මාපියන් වන සොහෙල් හා සීමා දෙදෙනා පසුගිය සති කිහිපයේදීම හොර රහසේ බන්ද්‍රාහි පිහිටි පවුල් උසාවිය වෙත ගොස් මෙම දික් කසාදය සඳහා නඩු විභාගවලට මුහුණ දි තිබුණි. කෙසේ වෙතත්, හදිසියේම එක්තරා නොහඳුනන පුද්ගලයෙකු විසින් ගත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීමත් සමග සොහෙල් හා සීමාගේ දික් කසාදයට යම් ප්‍රසිද්ධියක් ලැබි ඇත. 1998 වසරේදී සොහෙල් හා සීමා දෙදෙනා විවාහ වි ඇත. | සුපිරි බොලිවුඩ් සිනමා නළු සල්මාන්ගේ ඛාන්ගේ සොහොයුරෙකු වන්නෙ කරවුරුන්ද? | {
"answer_start": [
57
],
"text": [
"සොහෙල් ඛාන්"
]
} |
8b0da0f2-9985-45f3-9609-44762f8d9284 | රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පිළිකාව දරුණු ලෙස පැතිර ගොස් ඇති බවත්, වෛද්‍යවරුන් පවසන ආකාරයට පුටින්ට ජීවත් වීමට ඇත්තේ තවත් වසර 3 ක් පමණක් බවත් රුසියන් බුද්ධි අංශ නිලධාරියකු කළ අනාවරණයක් උපුටා දක්වමින්, බ්‍රිතාන්‍යයේ ද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය පවසයි. ද ඉන්ඩිපෙන්ඩන්ට්පු වත්පතට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළි කර ඇත්තේ, බොරිස් කාර්පිචෝව් නමැති රුසියන් බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකි. ජනාධිපති පුටින් සම්බන්ධයෙන් රහස් රැසක් තමන් දන්නා බව බොරිස් කාර්පිචෝව් එම පුවත්පතට පවසා තිබේ. බොරිස් කාර්පිචෝව් ජීවත් වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවරය. | ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතට පුටින් සම්බන්ධයෙන් මෙම තොරතුරු හෙළි කර ඇති බුද්ධි අංශ නිළධාරියාගේ නම කුමක්ද? | {
"answer_start": [
330
],
"text": [
"බොරිස් කාර්පිචෝව්"
]
} |
3290191e-fd63-499d-a869-47e7c2e0c15e | නිතරම සමාජජාලා ඔස්සේ සිය රසික පිරිස් සමග තොරතුරු හුවමාරු කරගන්නියක් ලෙස ප්‍රසිද්ධ ජනප්‍රිය හින්දි සිනමා නිළි ශිල්පා ෂෙට්ටිගේ ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුමට මීට දින කිහිපයකට පෙර මිලියන 19ක රසික පිරිසක් එකතු වී ඇතැයි ඇය පවසයි. ඒ පිළිබඳව තමන් දැඩි ලෙස සතුටට පත්වෙන බව පවසන ශිල්පා සිය රසික පිරිස් වෙත විඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තුතිය පිරි නමා ඇත. මේ වනවිට දෙදෙරු මවක් වන ශිල්පා බොලිවුඩ් සිනමාවෙන් තාවකාලිව ඈත්වද සිටියි. | සමාජජාලා ඔස්සේ සිය රසිකපිරිස් සමග තොරතුරු හුවමාරු කරගන්නියක් ලෙස ප්‍රසිද්ධ කවුද? | {
"answer_start": [
109
],
"text": [
"ශිල්පා ෂෙට්ටිගේ"
]
} |
7d0730b3-59ef-49a1-9797-3c492ef3282a | කෙසේ වෙතත් තම දරුවා යායුතු නිවැරදි මග හඳුනාගෙන ඒ සඳහා යොමු කිරීම ඉතා වැදගත් වේ. එසේ නොමැතිව කලාවට දක්ෂ දරුවා ඉංජිනේරුවරයෙකු, වෛද්‍යවරයෙකු කිරීමට ගන්නා උත්සාහය නිෂ්ඵලය. දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම සතුටට කරුණක් වුවද දරුවාගේ නිවැරදි දක්ෂතාව හඳුනාගෙන එය අදාළ මාවතට යොමු කිරීමට හැකි නම් ඉතා අගනේය. මේ සඳහා දරුවාගේ දක්ෂතා මත ඔහු හෝ ඇය කුමන අධ්‍යාපන ක්ෂේත්රයක් වෙත යොමු කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ. මෙවන් අවස්ථාවකදී නිර්මාණශීලී හැකියාව ගැඹුරු මානසික හා බුද්ධිමය කුසලතාවන් ඉතා සියුම් ලෙස ප්‍රකාශ කරන ජන්ම පත්‍රය ගැඹුරු ලෙස අධ්‍යනය කිරීම තුළින් එම දරුවාගේ විශේෂ දක්ෂතා හැකියාවන් සහ ළැදියාවන් නිවැරදිව හඳුනා ගත හැකි වන්නේය. | ජන්ම පත්‍රය මඟින් ප්‍රකාශ කරන්නේ මොනවාද? | {
"answer_start": [
479
],
"text": [
"ගැඹුරු මානසික හා බුද්ධිමය කුසලතාවන්"
]
} |
71d41e78-8fd3-4de6-879f-8e9f256cd06e | බුධගේ ගුරුත්ව බලය උපයෝගී කර ගනිමින්, බුධ වටා යද්දී, බෙපී කොලම්බෝ මවු යානයේ වේගය අඩු කර ගැනීමට හැකිවුණු අතර, බුධගේ ඡායාරූප ගැනීමක් ඒ අනුව සිදුවිය. යානය ගමන් කළේ බුධගේ සිට කිලෝ මීටර් 240 කට වඩා අඩු දුරකිනි. ඡායාරූප ගැනීම කළේ යානයේ එක් කැමරා පද්ධතියක් පමණක් පණ ගන්වමින් බව ද විද්‍යාඥයෝ පැහැදිලි කරති. ලබා ගැණුනේ කළු සුදු ඡායාරූපයකි. බුධට ළං වී මිනිත්තු 10 ක් පමණ ගතවෙද් දී මෙම ඡායාරූපය ගැනීම සිදුවුණු බව යුරෝපා සහ ජපාන අභ්‍යවකාශ ආයතන නිකුත් කළ නිවේදනයක සඳහන් විය. | මෙම ඡායාරූපය ගැනීම සිදුවුයේ බුධට ළං වී මිනිත්තු කියකින්ද ? | {
"answer_start": [
341
],
"text": [
"මිනිත්තු 10 ක් පමණ ගතවෙද් දී"
]
} |
6c1cb7d6-c44a-11ed-bd2f-2a0b0c1a3dcf | ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත. මෙම උපකරණය භාවිතයෙන් ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ වියළි කාන්තාර ප්‍රදේශයකදී ජලය ලබා ගැනීමට පර්යේෂකයින් කටයුතු කර තිබේ. ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි බව ඔවුහු පවසති. සූර්යාලෝකය මඟින් මෙම උපකරණය බලගැන්වෙන අතර වාතයේ ඇති තෙතමනය ජලය බවට පරිවර්තනය කිරීම මෙමඟින් සිදුවේ. ලෝහ-කාබනික සැකැස්මේ කිලෝ ග්‍රෑමයකට ජලය ලීටර් 1 ත් 4 ත් අතර බැගින් නිපදවීමට මෙම උපකරණයට හැකි බව පර්යේෂකයෝ සඳහන් කරති. පෘථිවියේ වඩාත් ශුෂ්ක කාලගුණික තත්ත්වවලදී මිනිසුන්ට උපකාර කිරීම සඳහා මෙම නව පර්යේෂණයේ ප්‍රතිඵල යොදාගත හැකි බව මැසචුසෙට්ස් පර්යේෂකයෝ පවසති. | මෙම උපකරණය භාවිතයෙන් ජලය ලබාගත හැකි වන්නෙ කුමන ප්‍රදේශ වලද ? | {
"answer_start": [
268
],
"text": [
"ලොව ඕනෑම කාන්තාර ප්‍රදේශයක දී"
]
} |
bdbe3836-c852-496e-b5b8-b5a075bd60f3 | රාජ්‍ය බුද්ධි සේවාවට ලැබී ඇති ඔත්තුව සියයට සීයක්ම නිවැරදි බව තේරුම් ගියේ නිවස වටලා සෝදිසි කිරීමේදී සොයාගත් දේවල් නිසාය. නයිට්රේට් ඇසිඩ් අඩංගු කිලෝ 25ක් පමණ ඇති ප්ලාස්ටික් බූලි 20ක් බෝම්බ සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය කිලෝ 50 බැගින් අඩංගු බූලි 6ක් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් ජෙලග්නයිට් කූරු තොගයක්, පැති බෝම්බ සෑදීමට යොදාගන්නා උපකරණ බැටරි කෑලි තොගයක්ද ගෑස් මුහුණු කිහිපයක්ද යකඩ බෝල ලක්ෂයක් පමණ අඩංගු උර 05 ක්ද මෙම කාමරයේ ගබඩාකර තිබියදී සොයාගෙන ඇත. පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවට මරාගෙන මැරෙන බෝම්බකරුවන් මාධ්‍යවලට මුදාහැර තිබූ වීඩියෝ දර්ශනයේ දක්නට ලැබෙන පුද්ගලයන් කණ්ඩායමක් ඇඳ සිටි ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටලයක් ද එම වීඩියෝ දර්ශනයේ පිටුපස තිරයට සමාන තිර රෙද්දක් ද ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණකයක්ද මේවාට අමතරව මෙම පුපුරණ ද්‍රව්‍ය ගබඩාව තුළ තිබියදී වැටලීමට ගිය පොලිස් හා හමුදා කණ්ඩායම් විසින් සොයා ගැනිණි. | රාජ්‍ය බුද්ධි සේවාවට ලැබුණු ඔත්තුව නිවැරදි බව තේරුම් ගියේ කුමක් සෝදිසි කිරීමේදීද? | {
"answer_start": [
73
],
"text": [
"නිවස"
]
} |
22ed0938-e746-4aab-bc54-9ac5aa22d002 | සිවිල් ගැටුම් උත්සන්න වෙද්දී, පණ බේරා ගනිමින්, නියාකැම් සහ පවුලේ අය යළි නියාකැම් උපන් ඉතියෝපියාවේ ගැම්බෙලා බලා පලා ගියේ සරණාගතයන් ලෙසය. ඉන්පසු අපා දුක් විඳිමින් ඔවුහු කෙන්යාවට ගොස් කෙන්යාවේ සරණාගත කඳවුරුවල ජීවත් වූහ. නයිකීම් ට අවුරුදු 14 ක් වෙද්දී, ඇය රැගෙන ඇමෙරිකාවට සංක්‍රමණය වීමට ඇගේ මවටත් පියාටත් හැකි විය. ඉන්පසු නියාකැම්ගේ ජීවිතය පෙරැළි රැසකට ලක් විය. නියාකැම් සහ ඇගේ පවුලේ අයගේ පළමු පදිංචිව වූයේ නිව්යෝර්ක් ජනපදයේ බෆලෝ නුවරය. උසස් පාසල් අධ්‍යාපනය ලබද්දී, නියාකැම් පදිංචිය සඳහා තෝරා ගත්තේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරය. කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය වූයේත්, කළු ජාතිකයන්ගේ ජීවත්වීමට ඇති අයිතිය වෙනුවෙන් විරෝධතා ආරම්භ වූයේත් මිනියැපොලිස් නුවරිනි. | උසස් පාසල් අධ්‍යාපනය ලබන විට පදිංචි වූයේ කොහේද? | {
"answer_start": [
496
],
"text": [
"මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවරය"
]
} |
13eeac02-6a26-4a0d-96a6-fe4ce4620f93 | එන්ඩොලයිකන දිලීරවලින් ඖෂධීය සංයෝග වෙන්කර ගැනීම මෑත කාලයේ පටන්ගත් නව ප්‍රභවික සංයෝග සාදන ප්‍රභවයක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් ලෙස අප භාවිත කරන බොහෝමයක් ඖෂධවල මූලාරම්භය ශාකයක්, දිලීරයක්, ඇල්ගියක් හෝ ජලජ ජීවියකු වනවා. පිළිකා නාශක ඖෂධයක් ලෙස භාවිත කරන ‘වින්ක්‍රිස්ටීන්‘ යනු මිනීමල් ශාකයෙන් වෙන්කරගත් සංයෝගයකි. දිලීරවලින් මෙවැනි ඖෂධීය ගුණ ඇති සංයෝග නිස්සාරණය කර ගත හැකි බව මුලින්ම සොයාගනු ලැබුවේද පෙනිසිලින් ඖෂධය සොයාගත් පර්යේෂයෙණි. ඒ නිසා විවිධ සංයෝග නිර්මාණය කිරීමේ හැකියාව දිලීර සතුව පවතිනවා. එබැවින් තෙත් කලාපීය ශාකවල ජිවත්වන ලයිකන ඇතුළතස්වාධීනව නිදහසේ ජීවත්වන එන්ඩොලයිකන දිලීරවලින් ජෛව සක්‍රීය සංයෝග නිපදවීමේ හැකියාව ඇතිබව දැනටමත් පර්යේෂණවලින් සොයාගැනීමට හැකිවී තිඛෙනවා. මේ වනතෙක් ලෝකයේ හඳුනාගැනීමට නොහැකි වූ සංයෝග එන්ඩොලයිකන දිලීරවල අඩංගු වන බව අප සිදුකළ පර්යේෂණවලින් තහවුරු කරගැනීමට හැකි වී තිඛෙනවා. | දිලීර සතුව පවතින හැකියාවක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
441
],
"text": [
"විවිධ සංයෝග නිර්මාණය කිරීමේ හැකියාව"
]
} |
268c06e0-dc39-4c0e-ac6f-3dea7d960be1 | මහාචාර්ය නේද්රා කරුණාරත්න සහ ආචාර්ය නුවන්ති කටුවාවෙල නැනෝ තාක්ෂණික උපක්‍රම මෙහෙයමින් ඔවුනට සහාය දැක්වූහ. මෙම පර්යේක්ෂණයේ මුලික අදියර සඳහා ජෛව රසායනික අණුක ජීවවේදී සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාපති උපාධි පාඨමාලාව යටතේ ද, 2017 වසරේ දී ජාතික විද්‍යා පදනමෙන් මූල්‍ය දායකත්වය ද හිමි විය. පර්යේෂණය පිළිබඳව ආචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා මෙසේ පැවැසීය. දැනට පිළිකා ප්‍රතිකාර සඳහා භාවිත කරන රසායනික සංයෝගවලින් පිළිකා පියවි විනාශ කිරීමට හැකියාවක් නෑ. මෙහිදී අප සොයා බැලූවේ පිළිකා පියවි සෛලවල සක්‍රීය ක්‍රියාකාරීත්වයට සෘජුව දායකවන විශේෂිත ප්‍රෝටීනයක් අවහිර කිරීමේ හැකියාවක් ඇති නව සංයෝග තිබේ දැයි කියලයි. එවැනි සංයෝග හමු වුවහොත් පිළිකාව තවදුරටත් සක්‍රීයවීම වළක්වා පිළිකාව සදහටම විනාශ කළ හැකියි. | ජාතික විද්‍යා පදනමෙන් මූල්‍ය දායකත්වය වසර කුමක්ද ? | {
"answer_start": [
220
],
"text": [
"2017 වසරේ දී"
]
} |
5e2c0963-4486-4b2c-b8ab-7229e7054280 | අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඇත්තේ සීමිත ඉඩ ප්රමානයකි. වරකට රැඳී සිටීමට පහසුකම් ඇත්තේ ගගනාගමීන් 6 දෙනකුට පමණි. එහෙත් මෙම නව නැවැතුම්පොළේ ඇති තරම් ඉඩකඩ සහ පහසුකම් තිබෙනු ඇති බව පැවැසෙයි. එය මහල් කිහිපයකින් ඉදිවන බවත්, උද්‍යානයක් ද ඇතුළේ නිර්මාණය කෙරෙනු ඇති බවත් නිර්මාණකරුවෝ පවසති. මෙම නව අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමට අවුරුදු 30ක් ගත වනු ඇති බව පැවැසෙයි. අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීමට වසර 10ක් ගත විණි. ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් වැය විණි. හත්තේ හැඩයේ නැවැතුම්පොළ නිර්මාණය කිරීමට එම මුදල මෙන් මිලියන 2.89ක් වැය වනු ඇතැයි කෙම්ප් මහතා කියා සිටී. | අභ්‍යවකාශ නැවතුම්පොළේ ඇත්තේ කොපමණ ඉඩ ප්‍රමානයක්ද? | {
"answer_start": [
29
],
"text": [
"සීමිත ඉඩ ප්රමානයකි"
]
} |
35e55bad-80b5-4b26-8959-f7f4897ca73e | ඌව පළාතට අයත් බිබිල ඇකිරියන්කුඹුර දංකුඹුර ගල්ලෙන් පුරාණ රාජ මහා විහාරය කාවන්තිස්ස රජුගේ සිට රජවරුන් ගණනාවකගේම අනුග්‍රහය ලැබූ ඓතිහාසික උරුමයකි. මෙම දංකුඹුර ගල්ලෙන් පුරාණ රාජ මහා විහාරය ක්‍රි. පූ 185දී රුහුණු දේශයේ පාලකයාව සිටි කාවන්තිස්ස රජු විසින් කරවන ලදැයි පැවසෙන වෙහෙර විහාර 134 අතුරින් එකකි. කාවන්තිස්ස රජුගෙන් පසු රාජ්‍යත්වයට පත්වූ දුටුගැමුණු මහරජුගෙන්ද යම් යම් අනුග්රහයන් මෙම විහාරයට ලැබුණු අතර එතුමාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත් සද්ධාතිස්ස රජුද මෙම විහාරය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සුකවී තිබේ. සත් දෙමළුන්ගේ ආක්‍රමණයට ලක්වූ වලගම්බා රජු පලා විත් කළක් මෙම විහාරයට නුදුරුව පිහිටා ඇති ඇඳගල නම් ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර එම කාලය අතරතුරදී රාජකීය පවුල ආගමික වත්වත්වල යෙදීම සඳහා මෙම විහාරයට පැමිණ තිබේ. | ඇකිරියන්කුඹුර දංකුඹුර ගල්ලෙන් රජමහා විහාරය ඉදි කල රජු කව්ද | {
"answer_start": [
71
],
"text": [
"කාවන්තිස්ස"
]
} |
52cf5219-b8ea-45f9-8b2e-f635f1ae7f7a | පවුල් ආරවුල එන්න එන්නම මහා ගිනි ජාලයක් සේ මතුව පවුලේ සමගිය ගිනි තබද්දි දෙදෙනා වෙන් වීම හොඳ බව කුමාරි නිතර පැවසුවාය. කුමාරගෙන් වෙන්ව බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තම සහෝදරියගේ නිවසේ පදිංචියට යාමට ඇය තීන්දු කළාය. ඒ අනුව දරුවන් ද රැගෙන ඇය එහි ගියාය. මුලින් සිය සහෝදරියගේ නිවසට ගිය කුමාරි කෙටි කාලයක දී බලංගොඩ පින්නවල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන එහි පදිංචියට ගියාය. ඒ සිය අනියම් ඇසුර කාටත් හොර රහසේ පවත්වාගෙන යාමේ අවශ්‍යතාව නිසාය. එසේ ඔවුන් වෙනම පදිංචියට ගිය ද දරුවන්ට ඇති ආදරය නිසා කුමාර දරුවන්ගේ අවශ්‍යතා සොයා බැලුවේය. ඔවුන් වෙනුවෙන් ආහාරපාන ගෙන ගොස් දැමුවේය. දුරකථනයෙන් කතාකර දුක සැප සොයා බැලුවේය. | කුමරගෙන් වෙන්වී ඇය පදිංචියට යාමට සිතා සිටියේ කොහෙද? | {
"answer_start": [
132
],
"text": [
"බලන්ගොඩ"
]
} |
94f6c48c-e2a4-4d00-ac40-d58eb3c0bf3d | ඉස්සූස් සටනින් පසු ඇලෙක්සැන්ඩර් මධ්‍යධරණී වෙරළ තීරය ඔස්සේ ඉතා බලවත් නගර රාජ්‍යයක් වූ ටයර් රාජ්‍ය වෙත ගමන් කළේය. ටයරය උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් වූ දිවයිනක් විය. ෆිනීෂියාවේ විශාලම හා වැදගත්ම නගර රාජ්‍යයද එය විය. අඩි 150ක් පමණ උසැති දැවැන්ත පවුරුවලින් ආවරණය වී තිබූ ටයර් රාජ්‍යයට ස්වභාවික වරාය දෙකක් තිබිණි. ඔවුන් සතුව විශාල නාවික හමුදාවක් පැවැති හෙයින් නාවික ශක්තියෙන් හීන වූ ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මුහුදින් ගොස් ප්‍රහාර එල්ල කිරීම අසීරු වූයේය. මෙහිදී ඇලෙක්සැන්ඩර් අනුගමනය කරන ලද්දේ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියා මාර්ගයකි. ඔහු ටයර් නගර රාජ්‍යයේ පාලකයන් සමග සාමකාමී ගිවිසුමකට එළැඹීම සඳහා දූත පිරිසක් එහි යැවීය. එහෙත් ටයර් පාලකයෝ ඇලෙක්සැන්ඩර්ගේ සාමකාමී හස්තය පිළිගැනීමට නොකැමති වූහ. තමන් වෙත සාම පණිවුඩය ගෙන ආ දූත පිරිස මරාදැමූ ඔවුහු ඔවුන්ගේ සිරුරු වෙරළ අද්දර පවුරු මත එල්ලා දැමූහ. | ඇලෙක්සැන්ඩර් මධ්‍යධරණී වෙරළ තිරය ඔස්සේ ගමන් කරේ කුමන සටනෙන් පසුද ? | {
"answer_start": [
0
],
"text": [
"ඉස්සූස් සටනින්"
]
} |
8de6a44f-c49a-4f73-86a2-32f5f2a18eda | රට මැද කඳුකරයේ සිට මුහුදු වෙරළ දෙසට භූ පැළුම් 25,000 පමණ ඇත. ඒවා ගුවන් ඡායාරූප වලින් පැහැදිලිව දිස්වෙයි. ඉන් සමහරක් පියවි ඇසටද කුඩා අගල් හෝ කාණු ලෙස පෙනෙයි. එවැනි එක් භූ පැල්මක් තෙල්දෙණියේ වික්ටෝරියා ජලාශය අසල සිට දිගන වත්තේගම හරහා මාතලේ දෙසට විහිදෙයි. මේ භූපැළුම ප්‍රදේශයේ පොළොව යට පැතිර ඇති දිරාගිය හුනුගල් තට්ටු ආශ්‍රිතව පැතිරෙයි. වර්ෂා කාලයේ පොළොවට වැටෙන වර්ෂා ජලය මේ භූ පැළුම් ඔස්සේ භූ පැල්මට කාන්දු වෙයි. ඒ අවට ඇති ජල උල්පත් ද ඒ දෙසට ගලයි. මෙසේ එකතු වන ජලනිධි භූ පැල්ම යටින් තැන්පත් වී මාතලේ උමං ගඟ නිර්මාණය කරයි. මාතලේ උමං ගඟ ආරම්භය පැති දෙකකින් සිදුවෙයි. වත්තේගම - යටවර - උකුවෙල පළමු ජල දහරයි. දෙවැනි ජල දහර කබරගල - පන්විල - ඇල්කඩුව දෙසින් ගලා යයි. වත්තේගම දෙසින් ඇරැඹෙන උමං ගඟේ පළමු පියවි ඇසට පෙනෙන දර්ශනය ඊරියගස්තැන්න නුදුරුව ඇති ජල බුබුළු දෙකයි. වත්තේගම සිට පන්විල දෙසට විහිදෙන පාරේ කිලෝමීටරයක් පමණ දුර ගිය විට හුන්නස්ගිරි කන්දෙන් ගලා එන රවන් ඔයෙන් වැටෙන රාස්සැල්ල දියඇල්ල හමුවෙයි. පාර අද්දර ඇති රාස්සැල්ල දියඇල්ලට හරි කෙළින් මීටර් පන්සියයක් පමණ පහළින් මාතලේ උමං ගඟේ පළමු ජල බුබුළු දෙක එක ළඟ පිහිටයි. ඒ අයත් ග්‍රාම සේවක වසම ඊරියගස්තැන්නයි. | එය අයත් ග්‍රාම සේවා වසම කුමක්ද ? | {
"answer_start": [
1035
],
"text": [
"ඊරියගස්තැන්නයි"
]
} |
0e18fc98-2e77-4977-bf1a-02bf2caa7500 | ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්රහයෙකු වන අඟහරු හෙවත් කුජ ග්‍රහයා 2019 දෙසැම්බර් මස 25 වන දින මෙතෙක් ගමන් කළ තුලා රාශියෙන් කුජට හිමි වෘශ්චික රාශියට පැමිණෙයි. 2020 පෙබරවාරි මස 08 දින දක්වා කුජ ග්‍රහයා වෘශ්චික රාශියේ බලවත්ව ගමන් කරයි. අඟහරු, භුමි පුත්‍ර, භෞම, මංගල, අංගාර ආදී නම්වලින් ද හඳුන්වනු ලබන මෙම ග්‍රහයා ලෝකයේ ආරක්ෂකයා වශයෙන් හඳුන්වනු ලබන්නේ සටන්කාමී ගතිය, තාක්ෂණ බුද්ධිය, ආත්ම විශ්වාසය යන ලක්ෂණ විද්‍යාමාන වන නිසාය. අප උපන්දා සිට මිය යන තෙක් ශරීරය පුරා පැතිරී ඇති ධමනි, ශිරා හරහා ගමන් කරන රුධිරයේ අයිතිකරු ද රුධිරය සම්බන්ධ රෝග, ලේ ගැලීම් වැනි අනතුරු ආදී සියලු කාර්යයන් පාලනය කරන්නේ කුජ විසිනි. | ග්‍රහලොව සෙන්පති මෙන්ම සටන්කාමී ග්රහයෙකු වන්නෙ මොකක්ද? | {
"answer_start": [
45
],
"text": [
"අඟහරු හෙවත් කුජ ග්‍රහයා"
]
} |
8034e865-c666-41c0-9ee9-273684346d74 | ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ආසියානු සංචාරයක් ආරම්භ කරමින්, දකුණු කොරියාව බලා පැමිණියේය. නව කොරියානු ජනාධිපති යූන් සුක් සෝල් හමුවී ද්වීපාර්ශිවික සබඳතා ශක්තිමත් කර ගැනීම මෙන්ම, උතුරු කොරියාවෙන් සහ චීනයෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණය. ඊට අමතරව, ගෝලීය වශයෙන් බලපෑමක් ඇති කළ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වනු ඇති බව පැවැසෙයි. දකුණු කොරියාව, ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයක් වන අතර, ඇමෙරිකන් හමුදා කඳවුරු පවා දකුණු කොරියාවේ පිහිටුවා ඇත. | ඇමෙරිකන් හිතවාදී රාජ්‍යයක් වන්නේ කුමක්ද? | {
"answer_start": [
407
],
"text": [
"දකුණු කොරියාව"
]
} |
563a15e8-566b-4e85-99a9-5019918567a1 | මේ ඇල්ලේ බිලිගන්නවා කියනවා. එහෙම එකක් මෙතන නෑ. ඇල්ල නරඹන්න එන අය ඇල්ල කඩාහැළෙන තැනට ගිහිං දිය ඇල්ල වැටෙන හැටි බලන්න යනවා. එතකොට ලෙස්සලා ගිහිල්ලා ඇල්ලේ තියෙන ගැඹුරු තැන්වල හිර වුණාම මැරෙනවා. ඇල්ලට වැටෙන මිනී ගොඩගන්න ආපු නාවික හමුදාවේ අයත් ගැඹුරු වළවල්වලට බහින්න ටිකක් බයයි. ඇල්ලේ පරතෙර හොඳට දන්න මම මේවාත් හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. නාවික හමුදාවේ අය සමහර වේලාවට අංකල් බහින්නේ පරිස්සමෙන් කීවාට මට ඒවා ගාණක් නෑ. එක දවසක් මිනියක් ගන්න බහිනකොට රෑ 11 යි. ඒක හෙම්මාතගම ඕලාන පැත්තේ මුස්ලිම් කෙනෙක්ගේ. ගොඩාක් සෙනඟ හිටපු එදා මම මිනිය අරන් උඩට එනකොට ගොඩාක් පිං දුන්නා. මම ලබන සතුට එයයි. මට ඕන මිනිස්සුත් එක්ක සතුටින් ඉන්න වගේම එයාලට උදව් කරන්න. ඒ හැම දෙයක් කරන්නේ සල්ලි බලාපොරොත්තුව නෙමේ සේවයක් හැටියට සලකලයි. ඔහුගේ කතා බහෙන් වර්තමාන සමාජයටද බොහෝ ආදර්ශයන් කියාපායි. එපමණක්ද නොව ගැමි ජනතාව තුළ තාමත් ඇත්තේ පිරිසිදු සිතිවිලි හා යහපත් ගති පැවතුම් රැසක් බව විටෙක අපට ද හැඟේ. | එක දවසක් මිනියක් ගන්න බහිනකොට වෙලාව කීයද? | {
"answer_start": [
441
],
"text": [
"රෑ 11"
]
} |
0623e1f7-5aa8-4aae-ae57-cb05f3af443d | වර්තමානයේදී බොහෝ දියුණු ලෙස ක්‍රියාත්මක වන දත්ත ගබඩාවකින් කිසියම් අයෙකුගේ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම හැඳුනුම්පත් අංකය ඔස්සේ කළ හැකි සේම පුද්ගලයෙකුගේ ග්‍රහ චාරය, ක්‍රියා පිළිවෙළ හැසිරීම, ගති ලක්ෂණ ආදිය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබා ගැනීම එකී පුද්ගලයාගේ ජන්ම පත්‍රය ඔස්සේ සිදුකළ හැකිය. ජන්ම පත්‍රයක කොටු තුළ සැඟවී පවත්නා තොරතුරු රැසකි. එමෙන්ම කිසියම් ජන්ම පත්‍රයක දැක්වෙන දින වකවානු ඇසුරින් ඔහුගේ හේ ඇයගේ අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවක් ද පවතී, කිසියම් කාල සීමාවකට වරක් තම ජන්ම පත්‍රය පරික්ෂා කරවා ගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවී වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම තරමටම වැදගත්ය. | ජන්ම පත්‍රයක දින වකවානු ඇසුරින් පුරෝකථනය කල හැක්කේ කුමක්ද ? | {
"answer_start": [
400
],
"text": [
"අනාගතය"
]
} |
8455cd09-287f-4551-8a70-e4a72e6e1e3c | ලෝකයේ දස ලක්ෂයකට වැඩි ශාක විශේෂ ප්‍රමාණයක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන බව එක්සත් ජාතීන් විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පෙන්වා දී ඇත. මානව වර්ගයාගේ පැවැත්ම රඳා පවතින ස්වභාවික සම්පත් විනාශයට පත්වන ආකාරය ද මේ දැක්වේ. පිරිසුදු වාතය, පානීය ජලය, කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්නා වනාන්තර, පරාගන ක්‍රියාවලිය සිදුකරන කෘමීන්, ප්‍රෝටීන් සම්පත බහුල මත්ස්‍යයන්, කඩොලාන පරිසර පද්ධතීන් ක්‍රියාකාරීත්වය දැඩි ලෙස අඩුවෙමින් වඳ වී යමින් පවතින බවත් මේ වාර්තාවේ සඳහන් කර ඇත. රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්නන් සඳහා වූ පිටු 44කින් සමන්විත සාරාංශය අනුව ශාක හා සත්ත්ව විශේෂ වඳ වී ජෛව විවිධත්වය පහළ වැටීම හා ගෝලීය උණුසුම ඉහළ යාම අතර කිට්ටු සම්බන්ධයක් තිබේ. විද්‍යාඥයන් විසින් කරන ලද අධ්‍යයනයන්හි සාරය සහිත එක්සත් ජාතීන්ගේ තක්සේරුව පිටු 1800කින් සමන්විතය. | මානව වර්ගයාගේ පැවත්ම රඳා පවතින්නේ කුමක් මතද? | {
"answer_start": [
178
],
"text": [
"ස්වභාවික සම්පත්"
]
} |
9f87693d-5931-44fa-a7aa-56a8dd69cb22 | ලොව ධනවත්ම රංගන ශිල්පියා ලෙස හඳුන්වන ඩිවෝන් ජොන්සන් මේ වනවිට සිය අලුත්ම චිත්‍රපටය වූ ‘බ්ලැක් ඇඩම්’ චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු සඳහා සම්බන්ධව සිටින බවට තොරතුරු වාර්තා වෙයි. කෙසේ වෙතත්, පසුගියදා ඔහු සිය ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම හරහා කළ ප්‍රකාශයක් කෙරෙහි මේ වනවිට මුළුමහත් ලෝකයේම අවධානය යොමු වී තිබේ. ඔහු ඉන්ටර්ග්‍රැම්ස් ගිණුම තුළ සටහනක් තබා තිබුණේ තමන් දේශපාලනයට පිවිසෙන්නට දැඩි කැමැත්තකින් පසුවෙන බවය. ‘ ඔබ කැමති නම් මා දේශපාලනයට පිවිසෙනවාට එය මා නිහතමානිව භාර ගන්නවා’ යැයි ඩිවෝන් සිය සටහන තුළ පළ කොට ඇත. | ලොව ධනවත්ම රංගන ශිල්පියා ලෙස හඳුන්වන්නේ කවුද? | {
"answer_start": [
37
],
"text": [
"ඩිවෝන් ජොන්සන්"
]
} |
db22c444-bcb7-49a4-9921-dede72fa6ac7 | මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී ප්රභාකරන් වෙඩි කා මියයන තෙක් යාපනය නගරාධිපති ඝාතනයට අල්ලා ගන්න බැරිව ගියා. ප්රභාකරන් කොටි නායකයා ලෙස පත්වුණාට පස්සේ නගරාධිපතිවරයා ඝාතනයට සම්බන්ධ කරගත්තු කිහිප දෙනෙකුටම නායක මට්ටමේ තනතුරු ලැබුණා යැයි හිටපු පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. දොරේඅප්පා මහත්තයා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය යාපනයේ ප්‍රබලයෙකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පුත් අනුර බණ්ඩාරනායක මහත්තයා පවා යාපනයට ආපුවාම දවස් ගණන් නැවතී ඉන්නේ ඔහුගේ නිවසේ. ඒ තරමට දෙන්නා අතර ලොකු සම්බන්ධයක් මිත්‍රත්වයක් තිබුණ බව ද හිටපු පොලිස් පරීක්ෂකවරයා කීය. | ප්රභාකරන් මියගියේ කෙලෙසද | {
"answer_start": [
53
],
"text": [
"වෙඩි කා"
]
} |
f7988367-c5d1-4130-a7ce-46729de2c42d | ටෙස්ට් ක්‍රිකට් තරගයකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීම යනු, ඉතාම කලාතුරකින් සිදුවෙන්නකි. එහෙත් ක්‍රීඩකයකු තමා සහභාගිවූ පළමු ටෙස්ට් තරගයේ, පළමු පන්දු ඕවරය යවමින්, ඒ දක්ෂතාවය පෙන්වූයේ නම්, ඒ ක්‍රීඩකයා අන් කවරකුවත් නොවේ, ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු වූ නුවන් සොයිසාය. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි උසම ක්‍රීඩකයා ඔහු විය. අඩි හයකුත් අඟල් හතරක් උසැති වූ නුවන් සොයිසා එදා මෙම ලෝක වාර්තාව තැබූ ක්‍රීඩකයා විය. අදටද එය නොබිඳී පවතින ලෝක වාර්තාවකි. ඒ ලෝක වාර්තාවේ උරුමක්කාරයාගේ අද දවසේ ජීවිතය මොන වගේද? එදා ක්‍රිකට් ක්‍රීඩා කළ දිවියේ රස මතකයන් සමග අද දවසේ ගෙවන ජීවිතය ගැන කියන්නට ඔහු අප සමග එක්වූයේ මෙලෙසිනි. | ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි උසම ක්‍රීඩකයා කවුද? | {
"answer_start": [
350
],
"text": [
"නුවන් සොයිසා"
]
} |
0567363c-39ba-4c10-93de-b85764387673 | තමා සුඛෝපබෝගි නිවසක් සහිත ඉඩමක් මිලදී ගත් බවත්, තම වැඩිමහල් පුතා ඉංජිනේරුවකු වශයෙන් සිංගප්පූරුවේ සේවය කරන බවත්, දෙවැනියා වෛද්‍යවරයකු බවත් තුන්වැන්නා පරිපාලන සේවයේ රැකියාවක නිරතවන බවත්, තිදෙනාම විවාහ වී ඇති බවත් සිරිදාස මට වැඩිදුරටත් පැවසීය. දැන් තමාත් බිරිඳත් පමණක් ගෙදර සිටින බවත් අද ඇස්වලට බෙහෙත් ගැනීම සඳහා කොළඹට පැමිණි බවත් ඔහු පැවසීය. දෛනිකව වසර ගණනාවක්ම ඇස්වලට මී පැණි දැමීම නිසා තම ඇස්වල පෙනීම අඩුවීගෙන යන බවත් සිරිදාස තවදුරටත් මා සමග පැවසුවේ ශෝකාන්විත ලෙසයි. ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දිගටම ප්‍රතිකාර කළමුත් දීර්ඝ කාලයක් දිගටම ඇස් දෙකට මීපැණි දැමීම නිසා ඇස් දෙකේම පෙනීම නැති වී සදාකාලික අන්ධයකු ලෙස ජීවිතය ගෙවන බව ඔහු බැලීමට ඔහුගේ නිවසට ගියවිට මට දැනගන්නට හැකිවිය. | සිරිදාසගේ වැඩිමහල් පුතා සේවය කරන්නේ කවුරු වශයෙන්ද? | {
"answer_start": [
65
],
"text": [
"ඉංජිනේරුවකු වශයෙන්"
]
} |
6e23478f-d05d-4625-9343-9ee6debbc369 | මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා මෙසේද කීය. මෙරට අභ්‍යන්තරයේ ජීවත් වූ ආදි මානවයන්ගේ වර්ධනය පිළිබඳ අවුරුදු 9 කට ආසන්න කාලයක් බලංගොඩ හා අවට ප්‍රදේශවල පර්යේෂණ දියත් කර තිබෙනවා. අප මේ දිනවල පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කරන්නේ පරගහමඩිත්ත වවුල් ගුහාවේ. මේ ගල්ලෙන පුරා විද්‍යා කැණීම් කරන්න හේතුව මීට අවුරුදු දහස් ගණනකට පෙර ජීවත් වූ බලංගොඩ මානවයින් ඉදිරියට ගමන් කරලා ඒ කොයි විදිහට වර්ධනය වුණේද යන්න සොයා බැලීම මෙහි අරමුණයි. මේ පුරාවිද්‍යා කැණීම් සිදු කරන වවුල් ගුහාවේ කැණීම්වලින් මුදු ලෙස පහර දිය හැකි ගල් මෙවලමක් හමු වුණා. | මේ දිනවල පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කරන්නේ කුමන ප්‍රදේශ වලද? | {
"answer_start": [
236
],
"text": [
"පරගහමඩිත්ත වවුල් ගුහාවේ"
]
} |
4f34ebf8-ae33-45e2-94c8-68d076a5203f | සමරු ඵලකයේ ඇඟිලි සලකුණු පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට භාරවිය. ඉන් දෙකක් රඝුගේ විය. අනෙක ප්රභාකරන්ගේ බව ආරක්ෂක අංශවලට විශ්වාසයක් තිබිණි. එහෙත් එය සනාථ කිරීමට ආරක්ෂක අංශ සතුව ප්රභාකරන්ගේ ඇඟිලි සලකුණු සටහනක් නොතිබිණි. 1982 මැයි 25 දින ප්රභාකරන් සහ උමා මහේෂ්වරන් තමිල්නාඩුවේ පොන්ඩිබසාර්හිදී වෙඩි තබාගැනීමකට සම්බන්ධ වී තිබිණි. එහිදී තමිල්නාඩු පොලිසිය ප්රභාකරන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන තිබූ අතර ඒවා සැමරුම් ඵලකයෙහි ඇඟිලි සලකුණු හා සැසඳිණි. ඒ අනුව මෙම ප්‍රහාරය ප්රභාකරන්ගේ අනුදැනුම මත සිදුවූ බවට තහවුරු විය. | තමිල්නාඩුවේ වෙඩි තැබීමට සම්බන්ද වුයේ කවුරුන්ද? | {
"answer_start": [
261
],
"text": [
"ප්රභාකරන් සහ උමා මහේෂ්වරන්"
]
} |
baddcc81-8a23-4da2-b1f5-d108c06c7e65 | දිනක් උදුම්බරා ජයසිංහ මහත්මියට දුරකතන ඇමතුමක් ලැබිණි. එහා කෙළවරින් කතා කළේ ගැඹුරු කටහඬකිනි. මම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති කතා කරන්නේ. උදුම්බරා මහත්මිය සිතුවේ මේ කාගේ හෝ විහිළුවක් කියාය. කරකියා ගත දෙයක් කල්පනා නොවූ බැවින් ඇය නිහඬවම සිටියාය. යළිත් එසේම කී නිසා උදුම්බරා මහත්මිය තම කටහඬ අවදි කළාය. ඔව්. මොකක්ද කාරණාව ඇය හිමිහිට ඇසුවාය. ඕඩරයක් තියෙනවා කරන්න පුළුවන්ද? එහා කෙළවරින් යළි ඇසිණ. ජේ.ආර්ගේ කටහඬ ඇය අසා තිබුණු නිසා මේ ජේ.ආර්. විය හැකි බව තේරුම් ගත් ඇය ඕනෑ දෙයක් වුනාවේ යන හැඟීමෙන් පුළුවන් සර් යැයි කීවාය. ජපන් කුමාරියත් කුමාරයත් ලංකාවට එනවා. ඒ අයට කෑම ටික පිළියෙල කර ගන්න ඕනෑ. ඒක ගැන කතා කරගන්න අපේ කුඹල්ඔළුවේ වත්තට එන්න පුළුවන්දැයි ජේ.ආර්. ඇසූවිට උදුම්බරා ජයසිංහ මහත්මිය දිනයක් වේලාවක් ලබා නියමිත දිනට කුඹල්ඔළුව වත්තට ගියාය. | කෑමපිළියෙළ කර ගැනීමට අවශ්‍ය වුයේ ඇයි | {
"answer_start": [
508
],
"text": [
"ජපන් කුමාරියත් කුමාරයත් ලංකාවට එනවා"
]
} |
c5f28962-6289-45e1-b222-ea9da8cdb8c3 | අතීතයේදී අප රට සතුව තිබූ සුන්දරම වෙරළ තීරය වූයේ මීගමුවයි. ඇතැම් දෙස් විදෙස් නායකයන් මෙරට සිදුකළ කෙටි සංචාරවලදී පවා දිනක් හෝ මීගමුවේ නතරවීමට යොදා ගත්තේ මීගමු වෙරළ තීරයේ තිබුණු සුන්දරත්වය නිසාය. අපේ රටේ ප්‍රභූන් සහ රාජ්‍ය නායකයෝ මැති ඇමතිවරු ද මීගමු වෙරළට දැඩි සේ ඇලුම් කරති. වෙරළ අද්දර තිබුණු මීගමුව තානායමේ නවාතැන් ගෙන ඔවුහු වෙරළේ සිරිය විඳගත්හ. බොහෝ හේතු, කාරණ නිසා මීගමුව වෙරළ තීරයේ පිහිටීම අද වනවිට වෙනස් වී ඇති නමුත් ඒත්තුකාල හා කුඩාපාඩුව හා වැල්ලවීදිය ආදී ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් ආශ්රිත වෙරළ තීරවල අදටත් විදේශීය සංචාරකයෝ බොහෝ සේ ගැවසෙති. | මීගමුව තානායම තිබ්බේ කොහේද? | {
"answer_start": [
274
],
"text": [
"වෙරළ අද්දර"
]
} |
f4420e9b-5653-4ae6-a423-bb4f769acadc | අතිශයින් සුන්දර වූ, ලොව සුපතල ඓතිහාසික සෙංකඩගල කන්ද උඩ රාජ්‍ය ශ්‍රී ලංකා ඉතිහාසයේ මධ්‍යතන යුගයේ අපර භාගයේ රජ කළ සිංහල නරපතියන්ගේ අවසන් බළකොටුව විය. අනුරාධපුර යුගයෙන් අරඹා කෝට්ටේ යුගයෙන් පසුව ක්‍රි.ව. 1592 දී පළමුවැනි විමලධර්මසූරිය රජු විසින් මහනුවර රාජ්‍ය පිහිටුවූ බව පැවසේ. විජයාගමනයෙන් ආරම්භ වූ සිංහල රාජවලියේ ආරම්භයක අවසානය සනිටුහන් වනුයේ ක්‍රි.ව. 1815 පෙබරවාරි 18 වැනිදා ත්‍රී සිංහලයේ අවසන් රජු ලෙස ශ්‍රී වික්‍රම රාජසිංහ ඉංග්‍රීසීන්ට හසුවීමෙනි. උඩරට රාජ්‍ය සමය වනවිට මෙතෙක් ලංකාවේ නොතිබූ රාජ්‍ය පරම්පරාවක් ස්ථාපිත වන අතර රජුගේ ප්‍රසාදය දිනා ගනිමින් බලය හා වස්තුව වෙනුවෙන් සටන් කළ නව රදල පැලැන්තිය හා වඩුග නායක්කාර වංශිකයින්ගේ කුලල් කා ගැනීම සිංහල රජ සමය අවසන් වීමට හේතු විය. එම රාජාවලිය අවසානයත් ඉංග්‍රීසීන්ගේ යටත් විජිත යුගයේ ආරම්භයත් ඉන් පසුව සිදු වූ දේශපාලන ආගමික හා සංස්කෘතික පෙරළියත් නිහඬව නිසසලව දරාගෙන බලා සිටින නිසල බවේ සංකේතාත්මක භූමිය වන්නේ මහ මළුවයි. | ඉංග්‍රීසීන්ට හසු වූයේ කවුරුද ? | {
"answer_start": [
403
],
"text": [
"ශ්‍රී වික්‍රම රාජසිංහ"
]
} |
41ad10ef-014c-471f-acff-73670725250b | කඳු මුදුන අවට ඒ මේ අත යමින් එය තවත් පිරික්සන්නට වූ අතර ගම්වැසියන් මෙහි පැමිණි වගට සලකුණු අපට දැක ගත හැකි විය. මන්ද මෙය ඔවුන්ට හුරු පුරුදු ඉසව්වක් වන හෙයිනි. හෝර්ටන් තැන්න මායිමේ පෙනෙන දුරින් මෙම කන්ද දුප්පතාගේ කුඩා ලෝකාන්තයට සෘජුවම පවතියි. ඌව පළාත යනු කඳුකරයේ අවසානය වුවද මෙම පළාත තුළ අලංකාර කඳු, දිය ඇලි සේම උමං සහ ගුහා රාශියක් පවතියි. කඳුකර දුම්රිය මාර්ගයේ පට්ටිපොළ සිට එක එල්ලේ බදුල්ලට බසින දුම්රිය මග මෙන් සුන්දර දෑ හොඳින් බලාගැනීමට අවස්ථාව සලසයි. දකුණු ප්‍රදේශයට වන්නට ඉතා ඈත දුරක් යනතුරු අපට පැහැදිලිව දැක ගත හැකිවිය. | මෙම කන්ද සෘජුවම පවතින්නේ කොහෙටද? | {
"answer_start": [
210
],
"text": [
"කුඩා ලෝකාන්තයට"
]
} |
92ef45f8-2bfd-4915-bce0-e6614ef6fba5 | සොහොන් ගැබ ඉදිකර අවසන් කිරීමට පෙර ආටිමීසියා රැජින මියගියාය. රැජින නොමැති වුවත්, බාරගත් කටයුත්ත අවසන් කිරීමට මූර්ති ශිල්පීන් සහ ඉදිකිරීම් ශිල්පීන් තීරණය කළේ යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. ඒ, මොසෝලස් රජුට ගරු කිරීමක් ලෙස පමණක් නොව, විශිෂ්ට නිර්මාණයක් බව ලොවට පෙන්වීමේ ද අරමුණ ඇතිවය. ඔවුන්ගේ අවසන් නිර්මාණය සැබැවින්ම විස්මිත අපූරු ගොඩනැගිල්ලක් විය. ලොව වෙන කිසිම තැනක එවැනි අපූරු නිර්මාණයක් නොමැති බව ග්‍රීකයෝ පැවැසූහ. සොහොන් ගැබට ඇතුළුවීමට ගලින් කළ පඩි පෙළකි. දෙපස යෝධ සිංහ රූප පෙළකි. ගොඩනැගිල්ලේ සිවු කොනේ හෙල්ල සහ පළිහ අතින් ගත් අසරුවෝ සිවු දෙනෙකි. රජුගේ දේහය තැන්පත් කළ කොටස වට කරමින් ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ සුදු පැහැති කිරිගරුඬවලිනි. සොහොන් ගැබ අඩි 150ක් උසින් යුක්ත විය. ඉහළ වහලය මුදුණේ රජු සහ රැජින අසුන් සිවු දෙනකු යොදා ගත් අශ්ව කරත්තයකින් ගමන් කරන අයුරු දැක්වෙන ප්‍රතිමාවක් ඉදි කර තිබුණු බව පැවැසෙයි. මොසෝලස් රජුගේ සොහොන් ගැබ විනාශ වූ බව පැවැසෙන්නේ භූමි කම්පා හේතුවෙනි. 12 වැනි සහ 15 වැනි සියවසේ දී භූමි කම්පා හටගෙන සොහොන් ගැබ විනාශ වුණැයි වාර්තා වේ. | ග්රීකයන්ගෙ අවසන් නිර්මාණය කුමක්ද? | {
"answer_start": [
324
],
"text": [
"අපූරු ගොඩනැගිල්ලක්"
]
} |
9acd9c4c-8927-4f66-b1c6-2f6fbf6e8725 | ක්‍රි.පූ. 2500දී පමණ ඉදිකර ඇතැයි සැලකෙන මෙම ප්‍රතිමාව පාරාවෝ කැෆ්රේ රජ සමයේ නිර්මාණය කරන ලද බවට අනුමාන කෙරේ. පාරාවෝ කැෆ්රේ රජුගේ පාලන සමය ක්‍රි.පූ. 2550 සිට ක්‍රි.පූ. 2450 අතර කාලය බවට විශ්වාස කෙරේ. මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව මීටර 73ක් දිගින් හා මීටර 20ක් උසින් යුතුය. ඊජිප්තුව අතීතයේ තුර්කි ආක්රමණවලට ලක්වීම හේතුවෙන් මෙම ප්‍රතිමාව හානියට පත් විය. 1936 පමණ වනතෙක් එය දෙවුර තෙක් පොළොවේ ගිලී තිබූ අතර පුරාවිද්‍යා කැණීම් මගින් එය වර්තමානයේ පවතින තත්වයට තහවුරු කෙරිණි. ගීසාහි මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාව උමං මාර්ග සහිත භූමි සංකීර්ණයක් මත ඉදිකර ඇතැයි පුරාවිද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එය භූගත රහස් නගරයකට පිවිසෙන දොරටුවක් විය හැකියැයි ඔවුන් අනුමාන කරන අතර ඊජිප්තු බලධාරීන් ප්‍රතිමාවේ භූ ගර්භය පරීක්ෂා කිරීමට අවසර ලබා නොදීම මත එම අභ්‍යන්තර නගරය සොයාගැනීමට මෙතෙක් අවකාශ ලැබී නොමැත. ස්ෆින්ක්ස් ප්‍රතිමාව අභ්‍යන්තරයේ ඇති භූගත රහස් නගරය සොයාගතහොත් ඊජිප්තු ඉතිහාසය වෙනස් විය හැකියැයි යන බිය හේතුවෙන් එහි පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කිරීමට බලධාරීන් බියවන්නේ යැයි ඉතිහාසඥ ගැරී කැනන් සඳහන් කර තිබේ. | මහා ස්ෆින්ක්ස් ප්‍රතිමාවේ උස කොපමණද? | {
"answer_start": [
244
],
"text": [
"මීටර 20ක්"
]
} |